අලවි යළිත් ආණ්ඩුකාර ධුරයට

අලවි යළිත් ආණ්ඩුකාර ධුරයට

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නැවත වරක් හිටපු ආණ්ඩුකාර අල්හාජ් අලවි මවුලානා මහතා පත් වී තිබේ.

මවුලානා මහතා ඊයේ (1) පස්වරු 4.30 ට අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දුන්නේය.

මෙරට ඉතිහාසයේ තෙවැනි වරටත් ආණ්ඩුකාරවරයෙක් ලෙස පත් වූ එකම පුද්ගලයා අලවි මවුලානා මහතා වන අතර, ඉදිරියට අවුරුදු පහක් හෙතෙම මෙම තනතුරේ සේවය කිරීමට නියමිතය.

ඒ මහතාගේ සේවා කාලය පෙරේදා (01) අවසන් වූ අතර, ඉකුත් වසර 10ක් අඛණ්ඩව ආණ්ඩුකාර ධුරයේ කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.

මවුලානා මහතා අද(02) පෙරවරු 10.30 ට බම්බලපිටිය යුනිටි ප්ලාසා හි පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා