ජනපති සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක

ජනපති සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

එරට ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් මහතාගේ ආරාධනයකට අනුව සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සමඟ ද අගමැති ලී ෂියන් ලුන් මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක කාර්යාලය පවසයි.

සිංගප්පූරු ජනාධිපතිවරයා පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහයකටද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගි වෙති. ඊට අමතරව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට ශ්‍රී ලාංකික වෘත්තිකයන් හමුවීමටද නියමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා