ධීවර ජනතාවට ඉන්ධන සහනාධාර ලබා දෙනවා

ධීවර ජනතාවට ඉන්ධන සහනාධාර ලබා දෙනවා

ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බැවින් අද (14) සිට මුහුදු යාමේ කටයුතුවල නිරතවන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

මෙම ඉන්ධන සහනාධාරය ධීවර කාර්මිකයන්ට හිමිවන නව ක්‍රමය පිළිබඳව, ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් සහ ධීවර ඇමැතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් අද (14) එම අමාත්‍යංශයේදී පැවැත්වෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම ධීවර ඇමැතිවරයාට ලබා දුන් උපදෙස් පරිදි සකස් කර ඇති මෙම සහනාධාර ලබාදීමේ නව ක්‍රමය සඳහා ධීවර නියෝජිතයන්ගේ ද අදහස් හා යෝජනා ද අද (14) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී සලකා බැලෙනු ඇත.

මෙම ඉන්ධන සහනාධාරය, එම මිල වැඩි වූ දින එනම් (13) දින සිටම ධීවර කාර්මිකයන්ට හිමිවන ලෙස නව ඉන්ධන ක්‍රමය සැකැසෙන බව ධීවර අමාත්‍යංශය කියයි.

ධීවර කාර්මිකයන් සඳහා සැකසූ නව ඉන්ධන සහනාධාර ක්‍රමය අනුව සුළු පරිමාණ ධීවරයන්ට උපරිම සහන හිමිවනු ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි.

බහුදින යාත්‍රා හිමියන්ට ද අසාධාරණයක් නොවන පරිදි මෙම ඉන්ධන සහනාධාරය වඩාත් ඵලදායී ලෙස ලබා දීමට ද කටයුතු යොදා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා