උ/පෙ අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර

උ/පෙ අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ මෑතක දී නිකුත් කළ සමස්ත ප්‍රතිඵලය අවලංගු කරන ලෙස ඉල්ලා එම විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13)) අවසර දුන්නේ ය.

මෙම ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මගින් සහතික කර ඇති සමාන ලෙස සැලකීමේ අයිතිවාසිකම උල්ලංඝනය විය හැකිය යන පදනම මත මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනු ලැබීය. පෙත්සම් විභාගය ලබන මැයි මස දහ වැනිදා ඇරඹීමට නියම විය. පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් මාසයක දී ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.

අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, පී. ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.
විසල් භාෂිත කරුණාරත්න, ලංකා ගුරු සංගමය ඇතුළු පෙත්සම්කරුවන් දහහත් දෙනකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා