ශ්‍රී ලංකා බාලදක්ෂ ශත සංවත්සර මුද්දරය අද නිකුත් වෙයි

ශ්‍රී ලංකා බාලදක්ෂ ශත සංවත්සර මුද්දරය අද නිකුත් වෙයි

ශ්‍රී ලංකා බාලදක්ෂ ශත සංවත්සරය (1912 - 2012) නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය අද (22) රුපියල් පහක වටිනාකමින් යුත් තැපැල් මුද්දරයක් නිකුත් කරයි.

අද පෙරවරුවේ අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ “මිහිලක මැදුරේ” පැවැත්වෙන උත්සවයේදී මෙම මුද්දරය මත ප්‍රථම දින මුද්‍රා තබනු ලබයි.

රුපියල් විස්සක් වටිනා සිහිවටන පත්‍රිකාවක් සහ රුපියල් විසි පහක් වටිනා මුල්දින කවරයක් ද මෙහිදී නිකුත් කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා