දෙවිනුවර යාත්‍රාවක් පොල්හේන මුහුදේ ගල්පරයක හැපෙයි

දෙවිනුවර යාත්‍රාවක් පොල්හේන මුහුදේ ගල්පරයක හැපෙයි

දෙවිනුවර ධීවර වරායට අයත් ධීවර යාත්‍රාවක් ඊයේ (21) අලුයම 3 ට පමණ මාතර පොල්හේන මුහුදු සීමාවේ දී හිරිගල්පරයක ගැටී අනතුරට ලක්ව ඇත. ධීවර යාත්‍රාවේ ගමන් කළ ධීවරයන් හතර දෙනා ප්‍රදේශවාසීන් විසින් බේරා ගනු ලැබ තිබේ. ගොඩබිම සිට මුහුද දෙසට ඇදී ගිය අධික මීදුම නිසා ගොඩබිම නොපෙනී යාමෙන් මේ අනතුර සිදුව ඇතැයි පැවසේ.

රාත්‍රී 3 පමණ එකවිටම ගොඩබිම සිට මුහුදට දුම්මාලාවක් මෙන් පැමිණි මීදුම නිසා දෙවිනුවර ප්‍රදීපාගාරයේ ආලෝකය හා අවට යාත්‍රාවල ආලෝකය සහ ගොඩබිමේ විදුලි පහන් ආලෝකය නොපෙනී ගිය බවත් ගොඩබිම තේරුම් ගැනීමට නොහැකි ව ධීවර යාත්‍රාව ගල්පරයේ වැදුනු බවත් අනතුරට පත් යාත්‍රාවේ ධීවරයෙක් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා