දෙනියාය සංචාරක කලාපයක් කිරීමට සාකච්ඡා

දෙනියාය සංචාරක කලාපයක් කිරීමට සාකච්ඡා

සිංහරාජ වනාන්තරය මූලික කරගෙන දෙනියාය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට යයි. සංචාරකයන් සඳහා දැනට තිබෙන හෝටල් නවීකරණය කිරීමටත් අලුතෙන් හෝටල් හා සංචාරක නිකේතන ආරම්භ කිරීමටත් ප්‍රදේශයේ තිබෙන ස්වාභාවික දිය ඇළි පෞරාණික වෙහෙර විහාරස්ථාන ඇතුළු දැකුම්කලු ස්ථාන සඳහා යාමට ගමනා ගමන පහසුකම් සැලසීමටත් මේ අනුව කටයුතු කෙරේ.

මේ සම්බන්ධව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා සාකච්ඡාවක් ද පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා