බදු විසිහත හතට බස්සයි

බදු විසිහත හතට බස්සයි

වසර 2005 දී මෙරටේ බදු වර්ග 27 ක් ක්‍රියාත්මක වූ බවත්, එය මේ වන විට බදු වර්ග 7 ක් දක්වා අඩු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කළ බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දිනමිණ ට ප්‍රකාශ කෙළේය.

මෙරට බදු ක්‍රමයේ පැවැති සංකීර්ණතා දුරු කරමින් එහි සරල කිරීමක් සිදු කිරීමට ජනාධිපතිතුමා පියවර ගත්තේ නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීමට අතදීමක් ලෙස බවත් ආචාර්ය ජයසුන්දර මහතා පෙන්වා දුන්නේය.

බැංකු හා මූල්‍ය ආයතන සීයයට 37 ක් තරම් ඉහළ බද්දක් රජයට ගෙවූ බව සිහිපත් කළ ජයසුන්දර මහතා එය මේ වන විට සියයට 28 දක්වා අඩු කොට ඇතැයිද කීය. සියයට 37 සිට සියයට 28 දක්වා සියයට 09 කින් බදු අනුපාත අඩු කළද එම බැංකු ආයෝජන ගිණුමක ආරම්භ කොට සියයට 9 ට සරිලන මුදලක් වෙනමම තැන්පත් කළ යුතු වේ. ඉතිරි මුදල බදු ලෙස ගෙවිය යුතුය.

මේ අනුව දැනට රුපියල් බිලියන 10 ක අතිවිශාල මුදලක් ආයෝජන ගිණුමේ තැන්පත් වී ඇතැයිද ඒ මුදල් නව ව්‍යවසායකයින්ට මුදල් පහසුකම් ලබාදීමට යොදා ගත හැකි යැයිද මහාභාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා