විවේචන ඉවසිය නොහැකිව ලිබියා අභ්‍යන්තර ක‍ටයුතු ඇමැති තනතුර අත්හරී

විවේචන ඉවසිය නොහැකිව ලිබියා අභ්‍යන්තර ක‍ටයුතු ඇමැති තනතුර අත්හරී

ලිබියාව ම හෙල්ලුම් කන ලද ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වු අවස්ථාවේ ආරක්ෂක හමුදා ක්‍රියා කළ ආකාරය දැඩි විවේචනයට ලක් වීමෙන් පසු ලිබියානු අභ්‍යන්තර ක‍ටයුතු ඇමති ෆවුසි අබ්දෙලාලි පෙරේදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඔහුගේ කාර්යාලයීය නිලධරයකු ප්‍රකාශ කර තිබේ.

කොංග්‍රස් මන්ත්‍රීවරුන් රජය විවේචනය කිරීමට එරෙහිව හා දැන් රටේ ආරක්ෂක හමුදාවට අන්තර්ග්‍රහණයවී සිටින කොටසක් වන පූර්ව කැරලිකාර විප්ලවකරුවන් ආරක්ෂා කරනු පිණිස ඔහු සිය ඉල්ලා අස්විම ඉදිරිපත් කළ බව පැවසේ. මුස්ලිම්වරුන් සතියකට පමණ පෙර ඊද් අල් ෆිටර් උත්සවය සැමරූ දිනයේ පුද්ගලයන් දෙදෙනකු ඝාතනය වුණු ට්‍රිපොලි නගරයේ රිය බෝම්බ දෙකක් හා පසුගිය දින කීපයේ මුස්ලිම් පුදබිම් කීපයකට එල්ලවු ප්‍රහාර කීපයක් සම්බන්ධයෙන් ලිබියානු ආරක්ෂක සේවාවන් දැඩි විවේචනයට ලක්විය.

මේ විවේචන එල්ල වුණේ අලුතින් තේරී පත්වුණු මහා ජාතික කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගෙනි. පෙරේදා ඔවුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අධි ආරක්ෂක කමිටුවේ ක්‍රියාකලාපය පිළිබඳව චෝදනා කළේ ‍සුෆි නිකාය ඇතුළු සෙසු මුස්ලිම් නිකායන්‍ට අයත් පල්ලි විනාශ කිරීමේදී ඔවුන් ඊට සහාය දැක්වීම හෝ නොසැලකිලිමත්ව සිටි බව පවසමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා