ඉසාක් කුණාටුවට බියෙන් රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයත් අත්හිටුවයි

ඉසාක් කුණාටුවට බියෙන් රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයත් අත්හිටුවයි

ඉසාක් නිවර්තනීය කුණාටුව අමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තය දෙසට පෙරේදා යොමු විමත් සමඟ ගල්ෆ් වෙරළ බඩ ප්‍රාන්ත, එම ප්‍රදේශවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ කුණාටුව ෆ්ලොරිඩා වෙරළට කඩා වැදුණේ පැයට කිලෝමීටර 65 ක වේගයකිනි. දැන් එය ඉදිරි 24 පැයේදී හරිකේන් වර්ගයේ ප්‍රචණ්ඩකාරී සුළඟක් බවට පරිවර්තනය වනු ඇතැයි මියාමි හි ජාතික හරිකේන් මධ්‍යස්ථානය අනතුරු අඟවා ඇත.

කෙසේවෙතත් මිසිසිපි, ලුයිසියානා හා ඇලබාමා යන ප්‍රාන්ත පෙරේදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ෆ්ලොරිඩාවේ ටැම්පා හි පැවැත්විමට නියමිත ව තිබුණු අමෙරිකා රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය අත්හිටුවීමට පවා ඉසාක් කුණාටුව බලවත් වීමෙන් පසුය.

ගල්ෆ් වෙරළ ඔස්සේ ඉසාක් අද හෝ හෙට රට තුළට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කර ඇති මුත් ඇලබාමා බලධාරින් දැනට ම සමහර ප්‍රදේශවලින් අනිවාර්යෙන් ම ජනතාව ඉවත් විය යුතු යැයි නියෝග කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා