පාකිස්තාන ජනපතිට එරෙහි දූෂණ නඩුව යළි කරළියට

පාකිස්තාන ජනපතිට එරෙහි දූෂණ නඩුව යළි කරළියට

කරුණු කියන්න අගමැති රාජා පර්වේස් උසාවියට

පාකිස්තාන ජනාධිපතිට එරෙහි දූෂණ චෝදනා විමර්ශන යළි ඇරඹීම සම්බන්ධයෙන් දිගු කාලයක පටන් පවත්නා නීතිමය සටනේ නවතම අවස්ථාවට මුහුණ දෙනු පිණිස පාකිස්තාන අගමැති රාජා පර්වේස් අෂ්රෆ් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණියේය.

ජනාධිපති අසිෆ් අලි සර්දාරි ට එරෙහි ඩොලර් බහු මිලියන දූෂණ චෝදනාවේ විමර්ශන යළි ඇරඹීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරින් යොමු කරනු පිණිස ඔවුන් දැනුවත් කරන ලෙස අධිකරණය ඉකුත් ජූලි මස අගමැති පර්වේස් අෂ්රෆ්ට නියෝග කර තිබිණ.

මේ අධිකරණ නියෝගය පිළිකෙව් කළ හිටපු අගමැති යුසු‍ෆ් රාසා ගිලානිට අගමැති ධුරයෙන් ඉවත්වන්නට සිදුවු අතර ඉන්පසු එම ධුරයට පත් පර්වේස් අෂ්රෆ්ට ද අධිකරණ නියෝගයට පිටුපෑවොත් එම ඉරණම ම අත්වනු ඇතැයි මුලසිට ම අනතුරු ඇඟවී තිබිණ.

ගිලානි අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසූ අදාළ ප්‍රස්තුතය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අධිකරණය ජුනි 19 දා සිට දෙසතියක කාලයක් ලබා දී තිබිණ.

දෙවසරකට වැඩි කාලයක් පාකිස්තාන රජය ජනාධිපතිට එරෙහි චෝදනා විමර්ශනය මඟහැර තිබුණේ රාජ්‍ය නායකයා ලෙස ඔහු සතු මුක්තිය ගැන අවධාරණය කරමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා