තේරී පත්වූ සියලු පළාත් සභා මන්ත්‍රීන්ගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

තේරී පත්වූ සියලු පළාත් සභා මන්ත්‍රීන්ගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

සියලු පක්ෂවලින් මන්ත්‍රී ධ්‍රුර සඳහා තේරී පත්වූ පුද්ගලයන්ගේ වත්කම් මේ සිකුරාදාට (14) පෙර මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කරයි.

උතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුන වෙනුවෙන් පැවති මැතිවරණයේදී මන්ත්‍රීවරුන් 107 දෙනෙක් තෝරා පත්කර ගනු ලැබූහ. ඒ අනුව සියලුම දේශපාලන පක්‍ෂවලින් මේ මන්ත්‍රීවරු 107 දෙනාගේ වත්කම් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත මේ සිකුරාදාට පෙර ඉදිරිපත් කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා