මුන්නේශ්වරම් සත්ත්ව ඝාතන නතර කිරීමට දිසා අධිකරණයට බලයක් නැහැ

මුන්නේශ්වරම් සත්ත්ව ඝාතන නතර කිරීමට දිසා අධිකරණයට බලයක් නැහැ

මුන්නේශ්වරම භද්‍රකාලි අම්මාන් දේවාලයේ වාර්ෂිකව සම්ප්‍රදායානුකූලව සිදු කරන සත්ත්ව ඝාතන සදාචාර සම්පන්න නොවන බැවින් එම සත්ත්ව ඝාතන නතර කරන නියෝගයක් ලබා දෙන ලෙසට හලාවත පොලිසිය කර තිබූ 722/12 නඩුවේ ඉල්ලීම අනුව එවැනි තහනම් නියෝගයක් ලබා දීමට මේ අධිකරණයට බලතල නොමැති බවට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ. කහඳගමගේ මහතා ඊයේ (11දා) නිවේදනය කෙළේය.

මෙවැනි සත්ත්ව ඝාතන සදාචාර සම්පන්න නොවන බැවින් හා එවැනි ඝාතනයක් කිරීමට නීත්‍යානුකූලව අයිතියක් කාලි දේවාලයේ භාරකරුවන්ට හිමි නොවන බවත් හලාවත පොලිසිය කලින් දින කරුණු දක්වමින් දන්වා තිබුණි.

තුන්හෙළයේ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් ඕමාරේ කස්සප හිමියන් කාලි දේවාලයේ සත්ත්ව ඝාතන සදාචාර සම්පන්න නොවන බැවින් හා ඊට අයිතියක් නොමැති බැවින් එම ඝාතන නතර කරන ලෙසට පොලිසියට කර තිබූ පැමිණිල්ලක් අනුව පොලිසිය අධිකරණයෙන් ඒ සඳහා තහනම් නියෝගයක් ඉල්ලා තිබුණි.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා හා නීතිඥ ප්‍රේමසිරි පෙරේරා මහතා ඕමාරේ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා