සරසවි ප්‍රවේශ ඉල්ලුමට නැවත අවස්ථාවක්

සරසවි ප්‍රවේශ ඉල්ලුමට නැවත අවස්ථාවක්

උසස් පෙළ විභගයේ (2011) ප්‍රතිඵල මත මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කර නොමැති සිසුන්ට නැවත අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබේ.

එම සිසුන් සඳහා ඊයේ (14) සිට 28 වැනිදා දක්වා ප්‍රවේශ අයදුම්පත් නිකුත් කෙරෙන අතර රුපියල් 300ක් ගෙවා ප්‍රවේශ අයදුම්පත සහිත ප්‍රවේශ අත් පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් ලබා ගැනීමට සිසුන්ට‍ අවස්ථාව ලැබේ.

මෙම 26වැනිදා දක්වා ප්‍රවේශ අත් පොත තැපැල් මඟින් නිකුත් කෙරෙන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් හා පුවත්පත්වල පළ කර ඇති දැන්වීම් මඟින් ඒ පිළිබද තොරතුරු ලබා ගත හැකිය.

මේ වන විටත් විශ්වවිද්‍යාල සඳහා අයදුම්කර ඇති සිසුන්ට මුල් අවස්ථාවේ දී තිබු කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීමට අවස්ථාවක් ලබා දීමට ද මෙවර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ. මේ අනුව අයදුම්කරුවන්ට මුල් අවස්ථාවේ තමා අයදුම් නොකරන ලද පාඨමාලාවකට අයදුම් කිරීමට ද අවසර ලැබේ. සියලුම අයදුම්පත් මේ මස 28ට පෙර අතිරේක ලේකම්, (අවසාන කටයුතු හා විශ්වවිද්‍යාල ප්‍රවේශ), විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව, වෝඩ් පෙදෙස, කොළඹ යන ලිපිනයට යොමු කළ යුතු බව කොමිසන් සභාව දැනුම් දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා