ටිකට් පරීක්‍ෂකවරුන් ඉවත් කිරීමෙන් නගරාන්තර දුම්රිය මගීහු අසීරුවේ

ටිකට් පරීක්‍ෂකවරුන් ඉවත් කිරීමෙන් නගරාන්තර දුම්රිය මගීහු අසීරුවේ

නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියවල සේවයෙන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන් ඉවත් කිරීම නිසා මඟීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මේ ප්‍රවේශපත්‍ර පරීක්‍ෂකවරුන්ගේ සේවය ඉකුත් 8 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම මේ තත්ත්වයට හේතු වී තිබේ. මේ නිසා වැඩි මුදලක් ගෙවා නගරාන්තර දුම්රියන්හි ගමන් ගන්නා මගීන්ට තම ආසන පවා අහිමි වී ඇතැයි ඔවුහු පවසති.

කොළඹ කොටුව - මහනුවර (පෙ. ව. 7.00) හා කොළඹ කොටුව – වවුනියාව (පෙ. ව. 6.50) දුම්රියන්හි මගී පරීක්‍ෂක සේවා මෙසේ අත්හිටුවා තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) තනතුරේ නිලධාරියකු විසින් ප්‍රවේශ පත්‍ර පරීක්‍ෂකවරුන්ගේ සේවය අත්හිටුවීමට අත්තනෝමතික තීරණයක් ගෙන ඇතැයි ද, එය රජය අපකීර්තියට පත් කිරීමට ගත් තීරණයක් බව ද දුම්රිය මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා