ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට තමිල්නාඩුවේ දී හිංසා-කරදර බැහැ

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට තමිල්නාඩුවේ දී හිංසා-කරදර බැහැ

ජයලලිතා අවධාරණය කරයි

තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට හා සංචාරකයන්ට කිසිඳු හිංසාවක් හෝ දුෂ්කරතාවක් හෝ සිදුවීමට තම රජය ඉඩ නොතබන බව ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් අවධාරණය කර ඇත.

ඇය මේ බව ප්‍රකාශකර ඇත්තේ තමිල්නාඩුවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය.

පසුගිය 03 දා වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් 150 දෙනකුට පමණ තමිල්නාඩුවේදී ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ වන්දනාකරුවන්ට ඉන්දියාව තුළ ප්‍රහාර එල්ල වන බවට ලොව පුරා මහත් ආන්දෝ ලනයක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගත්තේය.

මේ අතර ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කළේ ‍එම සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුවන බවත් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවීමට පියවර ගන්නා බවත්ය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවන්හිදී ඔවුන්ට එරෙහිව විරෝධතා දැක්වූ බවද තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනිය මෙහිදී සිහිපත්කර ඇත.

කෙසේ වෙතත් ශ‍්‍රී ලාංකික කී‍්‍රඩකයන් තමිල්නාඩුවේ කී‍්‍රඩාකිරීම වැළැක්වීමට හා ශ‍්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට ඉන්දියාවේ පුහුණුව ලබා නොදෙන ලෙස මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමට තමා කටයුතු කළ බවද එසේ වුවද ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට හෝ සංචාරකයන්ට කිසිඳු අපහසුතාවකින් තොරව තමිල්නාඩුවට පැමිණිය හැකි බවද ඇය පවසා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා