මියන්මාරය අපේක්ෂා ඉටු වන රටක් බවට පත් කරනවා

මියන්මාරය අපේක්ෂා ඉටු වන රටක් බවට පත් කරනවා

අවුන් සාන් සුකි ප්‍රතිඥා දෙයි

අපේක්ෂා ඉටුවන ආකාරයේ රටක් බවට මියන්මාරය පත්කරන බව අවුන් සාන් සුකි ප්‍රතිඥා දි තිබේ . ඇය මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන අතරවාරයේ දි නිව්යොක් හි ක්වින්ස් කොලෙජ් හී පවැත්වු කථාවකදියි .

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඇමෙරිකාව දෙන ලද නොමඳ සහයෝගය වෙනුවෙන් ස්තුති ය පළකර ඇති ඇය මියන්මාරයේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණ වශයෙන් ස්ථාපිත වන තුරු ඉදිරියටත් එම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා ඇත . දිගුකාලයක් තුළ හමුදා රජයක් පැවති මියන්මාරයේ සිවිල් රජයක් පිහිටුවන ලද්දේ පසුගිය වසරේ දියි .වසර 15 ක් තුළ නිවාස අඩස්සියේ සිටි අවුන් සාන් සුකීට අමෙරිකාවේදී ඉතා ගෞරවණීය පිළිගැනිමක් ලැබුන අතර ඇය ‍ඉහළම සම්මානය වන කොංග්‍රස් රන් සම්මානයෙන්ද පිදුම් ලැබීය .

අවුන් සාන් සුකි ඇමෙරිකාවේ දින 18 ක සංචාරයන නියැලෙයි. එය ඇය නිවාස අඩස්සියෙන් මුදා හැරිමෙන් අනතුරුව සහභාගි වු ප්‍රථම විදෙස් සංචාරයයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා