එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව හෙට ඇරඹේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව හෙට ඇරඹේ

ලෝක නායකයන් සහභාගිවන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව ලබන අඟහරුවාදා ඇරඹීමට නියමිතය. සිරියන් යුද්ධය, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව උද්ගතවි ඇති මතභේද සහ මුස්ලිම් ලෝකයේ පැනනැඟී ඇති ඇමෙරිකන් විරෝධි ගැටුම් ජගත් මහ සමුළුවේ ඉදිරි ගමන බොඳ කරණු ඇතැයි සැක මතුවි තිබේ. රාජ්‍ය නායකයන් 120කට අධික පිරිසක් සහභාගිවනු ඇති මෙම සමුළුවේ දි ඇමෙරිකන් ජනාධිපති ඔබාමා, ඉරාන ජනාධිපති අහමදිනිජාඩ් සහ ඊශ්‍රායල අගමැති අතර ප්‍රබල වාග් ප්‍රහාර ඇතිවිය හැකි බවට වශ්වාස කෙරේ .

මහ සමුළුව ආරම්භ විමට පෙර සදුදා ජනාධිපති බෂා අල් අසාද් හමුවිමට නියමිත සාම මැදිහත්කරු ලක්දා බ්‍රාහාමි ජනාධිපති බෂාර්ට දැඩි පීඩනයක් එල්ල කරනු ඇත. ජගත් ආරක්ෂක කවුන්සලයේ යොජනා තුනක් ම නිෂේධ බලය යොදා නිශ්ප්‍රභ කළ චිනයේ හෝ රුසියාවේ නායකයන් නිව්යොක් සහ මහ සමුළුවට සහභාගි නොවනු ඇත.

ජනාධිපති අසාද් නියෝජනය කරණු ඇත්තේ සිරියන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසිනි .

ඊශ්‍ර‍ායලය සහ ඉරානය අතර උග්‍ර මතභේද හටගෙන ඇති හෙයින් ඉරාන ජනාධිපති වරයා ඊශ්‍රායලයට එරෙහිව දරුණු විවේචන එල්ල කළහොත් පසුගිය මහ සමුළු රැසුවිමේදි සිදුවු ආකාරයට සමුළු නියේජිතයෝ සභාවෙන් ඉවත් වනු ඇතැයි අනාවැකි පළ වේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා