ඉන්දියාව පරමාණු බල පිරියතක් පිහිටුවීමට එරෙහිව ධීවරයෝ - න්‍යෂ්ටික විරෝධීහු
උද්ඝෝෂණයක
ඉන්දියාව පරමාණු බල පිරියතක් පිහිටුවීමට එරෙහිව ධීවරයෝ - න්‍යෂ්ටික
විරෝධීහු උද්ඝෝෂණයක
වෙන්නායි හි දි ඒ - එෆ් - පී
ඉන්දියාව පරමාණු බල පිරියතක් පිහිටුවීමට එරෙහිව ඉන්දිය ධීවරයන් සහ
න්‍යෂ්ටික විරෝධි ක්‍රියාකාරීහු සෙනසුරාදා දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ
. මුහුදේ දැක්වූ මෙම විරෝධතාවේ දි බෝට්ටු 500 කින් පැමිණි විරෝධතාකරුවන්
දකුණු තමිල්නාඩු හී ටියුටිකොරින් වරායක් අවහිර කිරීමට තැත් කළ බව පොලීසිය
පවසයි . මෙම වරායේ සිට යුරේනියම් පැටවිමට සුදානමක් පවති .
මෙම විරෝධතාව සාමකාමිව පැවති බව ටියුටිකොරීන් වරායේ ප්‍රකාශක වී .
සත්‍යරාජන් පවසයි . රුසියාවේ සහාය ඇතිව සිදුකරණු ලබන යුරේනියම් පැවීම්
නැවැත්විය යුතු බවට සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ හඬ නඟා ඇත .
මේ මස මුල් හරියේදි පැවති විරෝධතාවකදි පොලීසිය සමඟ ඇතිවු ගැටුම්වලින්
ධීවරයෙක් මිය ගියේය .
මෙම වරායෙන් යුරේනියම් පැටවීම නතර කරන ලෙස ඉදිරිපත් කළ අභියාචනයක්
පසුගිය සතියේ දි ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.වසර 2032 වනවිට
ඉන්දියාවේ මෙගවොට් 63 000 ක න්‍යෂ්ටික බලයක් නිපදවීමට ඉන්දියාව සැලසුම් කර
ඇත . ඒ වර්තමානය හා සසඳන කළ 14 % ක වැඩිවිමකි .
.
|