කරුණු දෙකක් මුල් කරගෙන ටිබෙට් ජාතිකයන් සහභාගි වන දැවැන්ත සමුළුවක් මේ සතියේ දී

කරුණු දෙකක් මුල් කරගෙන ටිබෙට් ජාතිකයන් සහභාගි වන දැවැන්ත සමුළුවක් මේ සතියේ දී

චීනයට එරෙහිව ටිබෙට් ජාතිකයන් සිරුරට ගිනිතබා ගෙන මියයාම් ශීඝ්‍රයෙන් වැඩිවීමත් ළඟදි චිනයේ නව ජනාධිපතිවරයකු පත්විමට නියමිතව තිබිමත් හේතුකොට ගෙන මේ සතියේදි දැවැන්ත ඒකරාශි වීමක් ටිබෙටය සැලසුම් කර ඇත. චිනයෙන් පිටමංකර ඇති ටිබෙට් ජාතිකයන් විශාල වශයෙන් සහභාගිවනු ඇති මෙය වසර හතරකින් අනතුරුව පවත්වන දැවැන්තම ඒකරාශිවිම ලෙස සැලකේ .

ඉන්දියාවේ දාරම්සලාහී පැවැත් වෙනු ඇති මෙම මහ සමුළුවේදි ටිබෙට් ජාතික නියෝජිතයන් 400 පමණ සිය අදහස් පළ කිරීමට නියමිතය .එහිදි තරුණ පරපුර අතර ඉස්මතු වි ඇති කනස්සල්ල කෙරේ විශේෂ අවධානය යොමු වනු ඇත .

දාරම්සලා හි පිහිටුවාගෙන ඇති ටිබෙට් රජයට අනුව පසුගිය වසර තුන ඇතුළත සිරුරට ගිනිතබාගෙන මිය ගිය ටිබෙට් ජාතිකයන්ගේ සංඛ්‍යාව 51 කි . මොවුන් අතුරින් වැඩි දෙනකු තරුණයන් වීම විශේෂත්වයකි.

ඊට හේතුව චීනය ටිබෙට් ජාතිකයන්ට එල්ල කර ඇති දරුණු පීඩනය බව ටිබෙට් අගමැති ලොබ්සැන් සන්ගේ පවසයි .ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා මෙසේ සිරුරට ගිනි තබා නොගන්නා ලෙසත් ටිබෙට් ජාතිකයන්ට සාධාරණය ඉටුකර දෙන බවටත් ප්‍රතිඥා දි තිබේ .

කෙසේවෙතත් චීනය පවසන්නේ ටිබෙට් ජාතිකයන්ට ආගමික නිදහස ලබා දි ඇති බවත් පිබිදෙන ආර්ථිකය තුළින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය දියුණු වි ඇති බවත් ය .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා