ගංජා පැකට් 35ක් සමඟ හිටපු එජාප ප්‍රා. සභා මන්ත්‍රී කොටු වෙයි

ගංජා පැකට් 35ක් සමඟ හිටපු එජාප ප්‍රා. සභා මන්ත්‍රී කොටු වෙයි

ගංජා පැකට් 35ක් සමඟ හිටපු එ. ජා. ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රත්නපුර බටුගෙදර පාසල අසල දී රත්නපුර දූෂණ මර්දන ඒකකය අත්අඩංගුට ගෙන තිබේ. සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලැබුණු තොරතුරකට අනුව තණමල්විල සිට රත්නපුරයට ගංජා රැගෙන එන 31 හැවිරිදි පුද්ගලයකු ද අත්අඩංගුවට ගැනිණි.

රත්නපුර දූෂණ මර්දන ඒකකය පෙරේදා (13) මේ වැටලීම කළේය. රත්නපුර ඉහළ හතමුන ප්‍රදේශයේ පදිංචි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ළඟ ගංජා පැකට් 35ක ගංජා ග්‍රෑම් සියයක් තිබූ බව පොලිසිය කියයි.

රත්නපුර හිදැල්ලන දී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ළඟ ගංජා ග්‍රෑම් 580ක් තිබූ බවද පොලිසිය පැවසීය. රත්නපුර දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති සම්පත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකෙරිණි. සැරයන් ආරියපාල, කොස්තාපල්වරුන්වන, දිසානායක වීරසේකර, ඒකනායක නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා