කැප්ටන්ගේ පහරදීමෙන් සැරයන් රෝහලේ

කැප්ටන්ගේ පහරදීමෙන් සැරයන් රෝහලේ

උනවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ රථවාහන පරීක්‍ෂාවේ යෙදී සිටි හබරාදූව පොලිසියේ සැරයන්වරයකුට යුද හමුදාවේ හිටපු කැප්ටන්වරයකු පහරදීම නිසා තුවාල ලැබූ සැරයන්වරයා පෙරේදා (17) කරාපිටිය රෝහලට ඇතුළු කර ඇත. මේ සැරයන්වරයා රථවාහන පරීක්‍ෂාවේ යෙදී සිටින විට ගමන් ගත් ත්‍රිරෝද රථයක් නවතා පරීක්‍ෂා කරද්දී එහි රියැදුරු අධික ලෙස බීමත්ව සිටි බව හෙළිවීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එහි සිටි විශ්‍රාමික යුද හමුදා කැප්ටන්වරයා සැරයන්වරයාට පහර දී ඇත.

මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ හබරාදූව පොලිසිය සැකකාර කැප්ටන්වරයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා