2009-01-06

රජය සහ රණවිරුවන් ලැබූ සුවිශේෂ ජයග‍්‍රහණයක්

රජය සහ රණවිරුවන් ලැබූ සුවිශේෂ ජයග‍්‍රහණයක්

මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහනාහිමි

ත‍්‍රස්තවාදය නමැති විෂබීජය රටින් අතුගා දැමීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළේ ප‍්‍රධානතම ජයග‍්‍රහණයක් ලෙස කිලිනොච්චිය අත්පත් කර ගැනීම සඳහන් කළ හැකිය.

මෙරට අන්තිම බිම් අඟලින්ද ත‍්‍රස්තවාදය නමැති විෂබීජය ඉවත් කළ යුතුය. ඒ සඳහා සැවොම එක්වී ශක්තිය යෙදවිය යුතුය.

යුද්ධය හා මිනිස් ඝාතන කිසිවිටකත් අනුමත නොකරන එහෙත් ජනතාවගේ ආරක්ෂාවත් භූමියේ ඒකීය භාවයත් රැක දීම රජයේ යුතුකම හා වගකීම වේ.

ත‍්‍රස්තවාදය මුළුමනින් පරාජයට පත්කිරීමෙන් පසු එම ප‍්‍රදේශවල ජනතාවට සහන සලසා ඔවුන්ගේ ජීවිත යළි නගාසිටුවීම සඳහා රජය පියවර ගතයුතුය. ඒ සඳහා දේශපාලන විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍යවේ.

මෙරට ඒකීයභාවය සුරක්‍ෂිත කිරීම උදෙසා රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කරන අතර ඔවුනට සියලු ජනතාවගේ ප‍්‍රණාමය හිමිවිය යුතුවේ.

ත‍්‍රස්තවාදය නමැති විෂබීජය අංශුවක් හෝ ඉතිරි වුවහොත් යළි කාලයක් ගතවී හෝ එය නැගී ආහැකි බැවින් තුවාලය එකඳු විෂබීජයක් හෝ ඉතිරි නොවන සේ පිරිසුදු කර දේශපාලන විසඳුම නමැති බෙහෙත දැමිය යුතු බව මේ අවස්ථාවේ පැවැසිය යුතුය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා