2009-01-06

කොටි හදවත සිදුරු කළ නාවික හමුදා ප‍්‍රහාර

කොටි හදවත සිදුරු කළ නාවික හමුදා ප‍්‍රහාර

මාවිල් ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ එල්. ටී. ටී. ඊ ය ප‍්‍රදර්ශනය කළ මානව හිතවාදී නොවන ප‍්‍රතිපත්තිය බූමරංගයක් ලෙස මේ වනවිට කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසානය දක්වා ළඟා කර ඇත.

ති‍්‍රවිධ හමුදාව එල්. ටී. ටී. ඊ යට එරෙහිව සටන් වදිමින් ප‍්‍රධාන මෙහෙයුමට දායක වූහ. විශේෂයෙන් නාවික හමුදාව ඉකුත් වසර තුනක කාලයේ යුද්ධය වෙනුවෙන් කළ සුවිශේෂ ප‍්‍රහාර හා මෙහෙයුම් තිබේ.

ත‍්‍රස්තවාදී සංවිධානයකට වඩාත්ම වැදගත් වන්නේ සැපයුම් මාර්ගයි. මේ සැපැයුම් ජාලය විනාශ නොවෙන්නට ත‍්‍රස්තවාදී සංවිධානයක් අළුයට ගිනි මෙන් නැවත නැවත මතුවෙයි.

මේ අභියෝගය අකුරටම ඉටු කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් පසුගිය කාලයේ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් රැසක් දියඹේ කි‍්‍රයාත්මක කෙරිණි.

මේ හේතුවෙන් කොටින් තවත් වියරු වැටුණ අතර ඇතැම් අවස්ථාවල යුද්ධයට ගෙන්වූ විශාල ප‍්‍රමාණයේ පාවෙන අවි ගබඩා මෙන් වූ අවි ආයුධ තොග එල්. ටී. ටී. ඊ යට අහිමි වී මුහුදු බත් විය.

මන්නාරමෙන් උතුරට ගොඩබිම මෙහෙයුම් කි‍්‍රයාත්මක වීමත් සමග නාවික බලය උරගා බැලීමට මුහුදු කොටි සටන් කිහිපයක් කි‍්‍රයාත්මක කළ අතර, ඒවා ව්‍යාර්ථ කොට, නාවික හමුදා නාමය ශක්තිමත් කිරීමට නාවික නිලධාරීන් හා සෙබළුන් සමත්වූහ.

එක පැත්තකින් ගොඩබිම මෙහෙයුම් හේතුවෙන් වයඹ මුහුදු වෙරළ තීරය එල්. ටී. ටී. ඊ යට අහිමි විය. ඉකුත් නොවැම්බර් 15 දා පුනරීන් මුදා ගත්විට මුහුදු කොටින්ගේ ප‍්‍රධාන බලකොටු ලෙස පැවති විඩත්තල්තිව්, කිරන්චි, ඉලුප්පකඩවෙයි, වෙල්ලන්කුලම්, නච්චිකුඩා, වල්ලෙයිපාඩු වැනි මුහුදු කොටි කඳවුරු බිඳ වැටිණි.

මේ සමගම වයඹ මුහුදු තීරය ඇතුළු බටහිර මුහුදු කළාපයේම බලය නාවික හමුදාව සතුවිය. ඉන්දියාව දෙසින් ධීවරයන්ගේ ටෝලර් යාත‍්‍රා ලෙස පැමිණෙන විශාල ප‍්‍රමාණයේ බෝට්ටුවල ගෙනා අවි ආයුධ, මත් ද්‍රව්‍ය ඇතුළු කොටි ජාවාරම්වල ප‍්‍රධාන සැපයුම් මාර්ගය ඒ අනුව කොටින්ට අහිමි විය.

2007 වසරේදී පමණක් නාවික හමුදාව විනාශ කළ දැමු කොටින්ගේ නෞකා ගණන හතකි. ඒවායෙන් ඇතැම් ඒවා විශාල වශයෙන් අවි ආයුධ ගෙනා යෝධ අවි ගබඩා මෙන්ය.

2007 පෙබරවාරි 28 දා කියෝයි නමැති එල්. ටී. ටී. ඊ නෞකාව විනාශ කළ අතර, දෙවුන්දර සිට නාවික සැතපුම් 185 ක් දකුණු ගැඹුරු මුහුදේ එම මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට නාවික ප‍්‍රහාරක නෞකා සමත් වී තිබිණි.

නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදු නීති අනුව යමින් මෙම නැව්වලින් ඇතැම් ඒවාට පහර දුන්නේ සති ගණන් ගෙවා ගොස්ය.

මෙවැනි අන්තර්ජාතික මුහුදු කලායට ගොස් එල්ල කරන ප‍්‍රහාර ඉතිහාසයක් මෑත කාලීනව ඇරඹුණේ එතැන් පටන්ය. එසේ නොකරන්නට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගූරම් දමන එල්. ටී. ටී. ඊ ආයුධ නෞකාවන් මුහුදු කොටි ටෝලර් ආයුධ සපයා ගැනීමේ රහසිගත ක‍්‍රමය එලියට නොඑන්නේය.

2007 මාර්තු 18 දා ආරුගම්බේ සිට නාවික සැතපුම් 195 ක් දුරකදී කොටි නැව් දෙකකට පහර දී විනාශ කිරීමට නාවික හමුදාව සමත් විය. එම නෞකා මීටර් 70 හා 50 ප‍්‍රමාණවලින් දිගින් යුතුව තිබුණු බව නාවික හමුදාව පවසයි.

මෙයට අමතරව 2007 සැපැතැම්බර් 10 දා සිට පසුදා අලුයම වනතුරු සටන් කරමින් කොටින්ගේ අවි නැව් 3 ක් දෙව්න්දර සිට නාවික සැතපුම් 600 ක් පමණ ඈතදී විනාශ කිරීමට නාවික හමුදාව සමත් විය.

මන්යොෂී, කොයෙෂි හා ෂෙෂින් යන නම් වලින් හඳුනා ගත් එම නෞකාවල සැහැල්ලු ගුවන් යානා, මිලි මීටර් 130, 120 කාලතුවක්කු උණ්ඩ, අධිවේගී කුඩා යාත‍්‍රා ඇතුළු නවීන උපකරණ පුපුරණ ද්‍රව්‍ය රැසක් විනාශ වී මුහුදු පතුලේ සැඟවිණි.

ඉන් නොනැවතුනු නාවික හමුදා ප‍්‍රහාරක නෞකා දෙව්න්දර සිට නාවික සැතපුම් 850 ක් පමණ ඈතදී කොටින්ගේ අවි ආයුධ ප‍්‍රවාහන නෞකාව ප‍්‍රහාර එල්ල කර විනාශ කර දැමිණි.

මේ ආකාරයට නාවික හමුදාව 2007 වසරේ කි‍්‍රයාත්මක වූ අතර 2008 වසරේ දෙසැම්බර් මාසයේ 20 දා තවත් එල්. ටී. ටී. ඊ යට අවි ප‍්‍රවාහනය කරමින් තිබූ මධ්‍යම ප‍්‍රමාණයේ නෞකාවක් මුලතිව් ඊශාන දිග මුහුදේදී විනාශකර දැමීමට නාවික හමුදාව සමත් විය.

2007 වසරේ දී අවස්ථා 12 කදී එල්. ටී. ටී. ඊ ය සමග මුහුදු සටන්වල නිරත වූ නාවික හමුදාව මුහුදු කොටින්ගේ බෝට්ටු 27 ක් විනාශකර තවත් දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ වරාය දෙසට පැමිණි මුහුදු කොටි ප‍්‍රහාරය ව්‍යාර්ථ කිරීමද ඒ අතර වෙයි.

දෙදහස් අට වසර උදාවනවිටත් නාවික ප‍්‍රහාර හේතුවෙන් මුහුදු කොටි ත‍්‍රස්තවාදීන් අසීරු අඩියකට පැමිණ තිබූ අතර ඒ නිසාම දරුණු සටන් මුහුදේ පැවැතියේ අල්ප වශයෙනි.

2008 ජනවාරි 8 දා ප‍්‍රහාරයෙන් පසු මුහුදු කොටින්ගේ මළ සිරුරු 3 ක් සොයාගත් අතර ජූලි 22 ප‍්‍රහාරයෙන් මුහුදු කොටි බෝට්ටු දෙකකට හානි පමුණවමින් මුහුදු කොටි ත‍්‍රස්තවාදීන් 10 ක් මරා දැමීමට නාවික හමුදාව සමත් විය.

සැප්තැම්බර් 18 දා පැවැති ඉරණතිව් දූපත් සටනේදී එල්. ටී. ටී. ඊ. යෙ විශාල බෝට්ටු 3 ක් ඇතුළු බෝට්ටු 10 ක් විනාශ කිරීමට නාවික හමුදාව සමත් වූයේය. එම සටනෙන් මිය ගිය මුහුදු කොටි සාමාජිකයන් ගණන 30 ක් බව නාවික හමුදාව නිවේදනය කෙළේය.

එම මාසයේම 30 වැනිදා පුනරීන් කළපුවේ මුහුදු කොටි බෝට්ටු 2 ක් සමඟ මුහුදු කොටි සාමාජිකයන් 8 ක් මරුමුවට පත් කිරීමට නාවික ප‍්‍රහාරක හේතු විය.

ඉකුත් වසරේදී ජෙට් ලයිනර් නෞකාවට ප‍්‍රහාර එල්ල කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ එල්. ටී. ටී. ඊ ය ඉකුත් ඔක්තෝම්බර් 10 වැනිදා උතුරට අත්‍යවශ්‍යය භාණ්ඩ ප‍්‍රවාහනය කළ නිමලව හා රුහුණු නෞකා ලැංගූරම් දැමූ මයිලඩි වෙරළට නුදුරු තැනකදී මාරාගෙන මැරෙන ප‍්‍රහාර දෙකක් එල්ල කොට විනාශ කර දැමීමේ උත්සාහයක නිරත විය.

නමුත් නාවික හමුදා ඩෝරා යාත‍්‍රා කි‍්‍රයාත්මක වී, රේඩාරයට පවා හරිහැටි අසු නොවූ බෝට්ටුවේ සිටි කළු කොටි සාමාජිකයන්ට වෙඩි තබා තිබිණි. මේ නිසා පළමු වරට විශේෂිත මරාගෙන මැරෙන බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමට ද නාවික හමුදාවට හැකි විය.

ඉකුත් නොවැම්බර් 11 දා නාගර් කෝවිල් මුහුදේ ඇති වූ සටන්වලදී කොටින්ගේ බෝට්ටු හතරක් මරාගෙන මැරෙන ඒවාද ඇතුළුව විනාශ කෙරුණු අතර මුහුදු කොටි සාමාජිකයන් 18 ක් එම සටනෙන් මියගිය බව නාවික හමුදාව නිවේදනය කෙළේය.

නාවික හමුදාව අවසන් වරට එල්. ටී. ටී. ඊ විශාල ප‍්‍රමාණයේ යාත‍්‍රාවක් විනාශ කෙරුණේ ඉකුත් දෙසැම්බර් 28 දාය. එම ප‍්‍රහාරයෙන් මුහුදු කොටි සාමාජිකයන් සිවු දෙනෙක් මරුමුවට පත්විය. මෙවර විනාශ කළ කොටි යාත‍්‍රාවද රේඩාර් වලට අසු නොවන ලෙස සකස් කළ විශේෂිත එකක් යැයි නාවික හමුදාව කියයි.

මේ ආකාරයට නාවික හමුදාව රන් මලක් ලෙස... ගීයේ පළමුවෙන් කියැවෙන ආකාරයට රට වට බැ¼ඳි රන් වැටක් මෙන් සිය මෙහෙයුම් හා ආරක්ෂක කටයුතුවල නිරතව සිටියි.

වැලිසර නාවික නෞකා ආයතනයේ වේග ප‍්‍රහාරක කුඩා බෝට්ටු (ඇරෝ) නිෂ්පාදනයට අතගසා තිබෙන නාවික හමුදාව දැනට මුහුදු ගැටුම් ස¼ඳහා විශේෂිත වන පරිදි විශේෂ යාත‍්‍රා බලඝනය (ඉඕඉ) සහ ක්ෂණික විහිදුම් යාත‍්‍රා බලඝනය (අඒඕ) පිහටුවමින් කොටින්ට එරෙහිව සටන් කි‍්‍රයාත්මක කරයි.

මෙයට අමතරව නාවික නෞකා ඩෝරා යාත‍්‍රා සහ මුර සංචාරක යාත‍්‍රාවල නිලධාරීන්, නැවියන් දැනට මුදා නොගත් ප‍්‍රදේශය යා වන නාගර්කෝවිල් සිට මුලතිව් දක්වා දිවෙන නාවික සැතපුම් 40 ක් පමණ මහ මුහුදු තීරයේ විශේෂ රැකවල්ලා සිටිති.