2009-01-06

මේ ජයග‍්‍රහණය ඓතිහාසික විජයග‍්‍රහණයක්

මේ ජයග‍්‍රහණය ඓතිහාසික විජයග‍්‍රහණයක්

මානුෂික මෙහෙයුමක් ලෙස ‘මාවිල් ආරු’ සටන ආරම්භ වුණා. එහි ප‍්‍රධාන අරමුණ වුණේ ගොවි ජනතාවට අවශ්‍ය ජලය මුදාගැනීමයි. මේ යටතේ එතැනින් ඔබ්බට ගොස් නැඟෙනහිර තොප්පිගල හා උතුරට මේ සටන ඇදි ගියා. අද වන විට පරන්තන් හා කිලිනොච්චිය දිනා ගැනීමට හැකි වී තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නය විසැඳීමට සිංහල බහුතර ජනතාවගේ එකඟත්වයක් අවශ්‍ය යයි. ඒ සඳහා මෙතෙක් බිහිවුණ ජන නායකයන් අතර වඩාත් ශක්තිමත් ජන පදනමක් සහිත නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යි.

කෙතරම් සාධාරණ විසැඳුමක් ලබා දුන්නත් සිංහල බහුතර ජනතා එකඟත්වයකින් තොරව එය කි‍්‍රයාවට නඟන්න අමාරුයි. ඒ යථාර්ථය 1956 බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ සිටම අද දක්වා ලාංකීය දේශපාලන ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී ඉතා පැහැදිලියි.

කිලිනොච්චිය ජයග‍්‍රහණය එවැනි දිගු කාලීන ජයග‍්‍රහණයක් දක්වා ගෙන යෑමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තරම් පුළුල් ඉඩකඩක්, පුළුල් අවකාශයක්, ජන පදනමක් වෙන කිසිම පාලකයෙකුට තිබුණේ නැහැ කියල මා විශ්වාස කරනවා.