2009-01-06

නිවාඩු ලැබුණත් ගෙදර නොගිය හමුදා විරුවෝ

නිවාඩු ලැබුණත් ගෙදර නොගිය හමුදා විරුවෝ

පුනරීන් ජයග‍්‍රහණයත් සමඟම හමුදා සොල්දාදුවන්ගේ චිත්ත ධෙර්ය පුදුමාකාරයකින් වැඩිවී තිබුණි. ඔවුන්ට ගෙවල් දොරවල්, ඥාතීන් දුවා දරුවන් අමතක විය.

පුනරීන් සිට පරන්තන් දක්වාත්, පරන්තන් සිට කිලිනොච්චි දක්වාත්, වැලිඔය සිට මුලතිව් දක්වාත්, කිලිනොච්චි වටකර පහර දෙන හමුදා බළඇණි සොල්දාදුවන්ට පමණක් නොවේ බළ සේනාංකාධිපතිවරුන්ටද විවේකයක් ලබා ගැනීමට නිවාඩු ලැබුණ අවස්ථා බොහෝය.

දුර විහිඳුම් බළකායේ විශේෂ බළකාය කොමාන්ඩෝ මේ පිරිසටද මසකට වරක් අනිවාර්යයෙන් නිවාඩු හිමිවෙයි. නමුත් මේ වීරෝදාර රණවිරුවන් ඔවුන්ගේ විවේකය රට, ජාතිය වෙනුවෙන් කැප කළ අවස්ථා විශාල ප‍්‍රමාණයක් මාධ්‍යට වාර්තාවිය.

ඉතා කටුක, දුෂ්කර ගමනක යෙදුනද කිලිනොච්චි ඉලක්කය ලබා ගන්නාතෙක් ඒ ගමන කඩිනමින් යාම ඔවුන්ගේ අදිටන වී තිබුණි. ඔවුන් තම නිවෙස් අමතක කළේ ඒ නිසාය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා