2009-01-06

මෙන්න ප‍්‍රභාකරන්ගේ සැප මාළිගාව

මෙන්න ප‍්‍රභාකරන්ගේ සැප මාළිගාව

දෙමළ ජනතාවගේ එකම ගැලැවුම්කාරයා යැයි ලෝකයාට පෙන්වීමට උත්සාහ කළ කොටි නායක ප‍්‍රභාකරන් විඳි සැප සම්පත් මොනවාදැයි ක‍්‍රමක් ක‍්‍රමයෙන් දක්නට ලැබෙමින් පවතී.

අහිංසක දෙමළ තරුණ තරුණියන්, මවුතුරුලේ නිදියන වයසේ දරුවන් යුද්ධයට මරාගෙන මැරෙන්නට යවන කොටි නායකයා ඒ අහිංසකයන්ගේ අනාගතය තම ම්ලේච්ඡ ආසාවන් වෙනුවෙන් කැප කරද්දී ඔහුත් ඔහුගේ පවුලේ අයත් ගෙවූ සැප සම්පත් දෙමළ ජනතාවට දෑසීන්ම දැක ගැනීමට ලැබී ඇත.

ඊට හොඳම නිදසුන කිලිනොච්චි පිහිටි ප‍්‍රභාකරන් ලැගුම් ගත් ස්ථානයයි. කොළඹ හතේවත් නොමැති තරම් සුඛෝපභෝගි ගොඩනැගිල්ලක් වූ ප‍්‍රභාගේ ලැගුම් ගත් ස්ථානයට යාමට අවසර දී තිබී ඇත්තේ ඔහුටත් පවුලේ ඥාතීන්ටත් ඔහුගේ සමීපතම කොටි නායකයන් කිහිප දෙනෙකුටත් පමණි.

ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමට තම ජිවිතය කැප කරන්නැයි මරාගෙන මැරෙන සාමාජිකයන් විසුරුවා හරින දිනවලදී ප‍්‍රභාකරන් තම දේශණය කරමින් කියා සිටියේය.

ඒ තරුණ පිරිසට ආහාර වේලක් දී ඔහු සමඟ ඡායාරූපයටද සිටීමට අවස්ථා සලසා දුන්නේ ඒ තරුණ පිරිස මුලාවට පත්කරමින්ය.

මවු තුරුලේ වූ අහංසක දරු දැරියන් උදුරාගෙන ගොස් යුද්ධයට හිර කරන ඒ ම්ලේච්ඡ කොටි නායකයා ඔහුගේ පුත් චාල්ස් දියණිය දුවාරා ජාත්‍යන්තර පාසල්වලට යවා ඉහළම අධ්‍යාපනය ලබා දීමට කටයුතු කෙළේය.

ඉගෙන ගැනීමට උපන් හපන්කම් ඇති දරුවන්ගේ අනාගතය විනාශ කර ඔවුන්ට ඇති වාසනාවේ දොරටුව අඟුල්ලා සිරකර දැම්මේය.

අහිංසක වැසියන්ට ලබාදෙන අතර වේල බෙහෙත් ටික, උදුරාගත් මේ කොටි නායකයා තමා මාළිගාවල ජීවත් වෙද්දී ද්‍රවිඩ වැසියන් තම යකඩ සපත්තුවට සිරකර ගෙන සිටියේය. ඔහුගේ සැබෑ ස්වරූපය මෙලොව ජනතාවට දැක ගැනීමට ඉඩ සලසා දුන්නේ මේ රටේ වීර හමුදාවයි.

කිලිනොච්චි මාලිගා එලියට එද්දි තව නොබෝ දිනකින් ඔහුගේ මුලතිව් පිහිටි සුඛෝපභෝගී මාලිගා ද දැක ගැනීමට ලැබෙනු ඇත.

එපමණක් නොවේ ඔහු වෙනුවෙන් වෙන් වූ වෙඩි නොවදින වාහන ඔහුගේ දරුවන්, බිරියට වෙන් වූ සැප සම්පත්ද බොහෝ ය.

කොටි නායකයා පමණක් නොවේ ඔහුගේ ඇතැම් නායකයන් ද එවැනි සුඛෝපභෝගී ජීවිතවලට උරුමකම් කීහ. නැගෙනහිර මුදා ගැනීමත් සමඟම එහිසිටි කොටි නායකයන් ගෙවූ සැබූ ජීවිතය එහි ජනතාවට පමණක් නොවේ ලෝකයාටම දැක ගැනීමට අවස්ථාව ලැබිණි.

කිලිනොච්චි මුලතිව් නිදහස් වන විට කොටි නායකයාගේ සැබෑ අරමුණ කුමක්දැයි පෙන්නුම් කෙරෙනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා