2009-01-06

ජනාධිපතිතුමන්ට, රණවිරුවන්ට නිරන්තර ශක්තිය දෙමු

ජනාධිපතිතුමන්ට, රණවිරුවන්ට නිරන්තර ශක්තිය දෙමු

අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත මහානාහිමි

මෙරට ඒකීයභාවයට තර්ජනයක් වෙමින් රටේ ජීවත්වන ජනතාව පීඩාවට පත්කිරීමට කිසියම් කණ්ඩායමක් කි‍්‍රයාකරන්නේ නම් ඔවුන් මර්දනය කිරීම රජයේ වගකීම බවත්, එම සටනේදී එල්. ටී. ටී. ඊ. හදවත බදු කිලිනොච්චිය රජයේ හමුදාවන් අත්පත් කරගැනීම සාමය අගයන සෑම ශී‍්‍ර ලාංකිකයකුගේම සතුටට කරුණකි.

මිනිස් ඝාතන හෝ යුද්ධ පැවතීම අනුමත නොකළත් එල්. ටී. ටී. ඊ. ය යටතේ උතුරේ පීඩාවට පත්ව සිටින ජනතාවත් ඔවුන්ගේ ඇතැම් කි‍්‍රයාවන් නිසා දකුණේ ජන ජීවිතය අවුල්වීම වැලකීමත් සඳහා යම් යම් කි‍්‍රයාමාර්ග ගැනීමට රජයකට සිදුවේ.

පසුගිය වසර දෙක තුළ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට ශක්තිමත් අඩිතාලමක් වැටුණු බව මේ අවස්ථාවේ සිහිකළ යුතුය. මෙම ලබාගත් ජය අඛන්ඩව ඉදිරියට ගෙන යමින් අන්තිම බිම් අඟලද ත‍්‍රස්තවාදීන් ගෙන් මුදා ගත යුතුය.

ඒ සඳහා ජීවිත පරදුවට තබා දුෂ්කර කැපකිරීම්වල නිරත රණවිරුවන්ට සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුව හිමිවේ.

රට තුළ ස්ථිර සාමයක් ඇති කිරීමේ අරමුණින් ත‍්‍රස්තවාදය මුළුමනින් පරාජය කිරීම සඳහා ජනපතිතුමන් අවංකව කි‍්‍රයාකරන බව අමුතුවෙන් කිවයුතු නැත.

රටේ ස්වෙරීභාවයට තර්ජනයක් වෙමින් ජනතාව පීඩාවට පත්කිරීමට කි‍්‍රයා කරන මෙම පිරිස ඉතා ඉක්මනින් පරාජයට පත්කිරීමට හැකි බව දැන් පැහැදිලිව ඔප්පුවී ඇත. ඒ සඳහා ජනපතිතුමන්ට හා රණවිරුවන්ට නිරතුරුව ආශිර්වාද කරමින් ශක්තිය හා ධෙර්යය ප‍්‍රාර්ථනා කිරීමට අප සූදානම්ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා