2009-01-06

කොටි අපිට සාපයක් කප්පම් භීෂණයේ අවසානය...

කොටි අපිට සාපයක් කප්පම් භීෂණයේ අවසානය...

කොටි තම ඊළාම් ගමන වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පෙළඹී සිටියහ. ගැබිණි කාන්තාවක් මරාගෙන මැරෙන කතක් ලෙස යොදා ගැනීමට ඔවුන් කටයුතු කළ අවස්ථා බොහොමයක් මෙරට යුද ඉතිහාසයේ සඳහන් වෙයි.

එපමණක් නොව ආබාධිත පුද්ගලයන් කොටි බෝම්බකරුවන් ලෙස කොළඹ නගරය ඇතුළු නගර කිහිපයකටම පැමිණි අවස්ථා ආරක්‍ෂක අංශ විසින් අනාවරණය කළහ.

වෛද්‍යවරුන්, පාසල් ගුරුවරුන්, උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් කොටි සංවිධානයට බඳවා ගැනීමට කොටි වසර කිහිපයකම සිට කටයුතු කෙළේය.

කොටි අඩන්තේට්ටම්වලට ලක් වූ දැරිවියකට හමුදාවෙන් ප‍්‍රතිකාර...

කොටි සංවිධානයට මුදල් සොයා ගැනීම සඳහා කොටි සංවිධානය නොයෙක් උපක‍්‍රම භාවිත කළහ.

කොටින්ගේ මුදල් ඉපයීමේ ප‍්‍රධානම මාර්ගය වූයේ කප්පම් මුදල් රැස්කිරීම ය. තවත් මුදල් ඉපයීමේ ක‍්‍රමයක් වූයේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙනඒමට කොටි සංවිධානය මීට පෙර කි‍්‍රයා කළහ.

ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ සඳහා කොටින්ට සම්බන්ධ වූහ. මෙලෙස මත්ද්‍රව්‍ය මන්නාරම මුහුදු කලාපය හරහා ලංකාවට ගෙන ආ අවස්ථා කිහිපයකදීම මන්නාරම ප‍්‍රදේශයේ පොලිස් නිලධාරීන් සහ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්හ.

මන්නාරම, සිලාවතුර, වෙඩිතලතිව් ඇතුලු ප‍්‍රදේශ යුද හමුදාව විසින් අත්පත්කර ගැනීම නිසා කොටි ත‍්‍රස්තවාදීන්ට මේ ප‍්‍රදේශය හරහා සිය ජාවාරම් සිදු කර ගැනීමට නොහැකි වී තිබේ.

කොටි ත‍්‍රස්තයෝ ධීවරයන්ගෙන්ද විශාල වශයෙන් කප්පම් මුදල් එකතු කිරීමට පෙළඹී සිටියහ. අහිංසක ධීවරයන් ඝාතනය කරන බවට ප‍්‍රකාශ කරමින් ධීවරයන්ගෙන් මෙලෙස මුදල් රැස්කළහ. මන්නාරම ප‍්‍රදේශ රැසක් අනාරක්‍ෂිතව තිබූ කාලයේ කොටි ත‍්‍රස්තයෝ ධීවරයන්ගෙන් රිසි සේ මුදල් පැහැර ගත්හ.

කොටින්ට කප්පම් ගෙවා පැමිණෙන සිවිල් වැසියන්...

එක් මාලු කිලෝවකින් රුපියල් දෙකක් අය කර ගැනීමට කොටි සංවිධානය සිය ප‍්‍රාදේශීය නායකයින්ට උපදෙස් ලබාදී තිබුණි.

නැෙඟනහිර පළාතේ අනාරක්‍ෂිත ප‍්‍රදේශ පැවැති කාලයේදී ද කොටි සංවිධානය විශාල වශයෙන් ධීවරයන්ගෙන් මුදල් කප්පම් ලෙස ලබාගත්හ. නැඟෙනහිර හමුදා ජයග‍්‍රහණ සමඟ කොටින්ට නැෙඟනහිර පළාතේ කප්පම් මුදල් අහිමි විය.

අනාරක්‍ෂිත ප‍්‍රදේශවල ගොවිතැන් කටයුතුවල යෙදී සිටි අහිංසක ගොවීන්ගෙන්ද කොටි විශාල වශයෙන් කප්පම් මුදල් රැස්කළහ. වී කිලෝවකින් රුපියලක්, කිරි බෝතලයකින් රුපියල් තුනක් ආදී වශයෙන් කප්පම් මුදල් අය කර ගත්හ.

සටන් විරාම ගිවිසුම අස්සන් තැබීමෙන් පසු ප‍්‍රධාන මාර්ග කිහිපයකින්ම විශාල වශයෙන් කප්පම් මුදල් එකතු කර ගැනීමට කොටි සංවිධානයට හැකි විය.

නුවර – යාපනය ඒ 9 මාර්ගයේ ඕමන්තේ සිට මුහමාලේ දක්වා අනාරක්‍ෂිතව තිබූ ප‍්‍රදේශයේ ගමන්ගත් රථවාහනවලින් සහ මගී ජනතාවගෙන් කොටි රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් අය කර ගනු ලැබිණි. මසකට රුපියල් ලක්‍ෂ පනහකට වැඩි මුදලක් කොටි ත‍්‍රස්තවාදීන් මෙහිදී උපයා ගත් බව ආරක්‍ෂක අංශ අනාවරණය කර ගත්හ.

තවද අනාරක්‍ෂිත ප‍්‍රදේශවල රජයේ සේවකයන්ගෙන් රුපියල් දහස් ගණනින් මාසිකව කප්පම් මුදල් අය කර ගැනීමට කොටි ත‍්‍රස්තයෝ කටයුතු කළහ. ජනතාව බිය වද්දමින් ජනතාවට නොයෙක් අයුරින් කරදර හිරිහැර කරමින් කොටි ත‍්‍රස්තයෝ මුදල් උපයාගත්මුත් අද කොටින්ට මෙලෙස මුදල් උපයා ගැනීමට නොහැකි වී තිබේ.

මානුෂික මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් ති‍්‍රවිධ හමුදාව කොටි ප‍්‍රදේශ රැසක් අත්පත් කර ගනිමින් සිවිල් ජනතාව කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමත් සමඟ කොටින්ගේ මුළු ශක්තිය බිද වැටී ඇත. කිලිනොච්චිය, පරන්තන් අත්පත්කරගත් ති‍්‍රවිධ හමුදාව නොබෝ දිනකින් මුලතිවිද මුදාගෙන උතුරේ වැසියන්ට නිදහස ලබාදෙනු ඇත. කොටින්ගේ කප්පම් ලබා ගැනීම් අහිංසක වැසියන් බිය වද්දමින් ඔවුනට කරන හිරිහැරද නිමා වනු ඇත.