2009-01-06

කිලිනොච්චි විජයග‍්‍රහණය ගැන මෙසේ කියති...

කිලිනොච්චි විජයග‍්‍රහණය ගැන මෙසේ කියති...

 

ලෝකයේ දක්ෂතම නිර්භීතම හමුදාව අපේ හමුදාවයි

- ඕමල්පේ සෝභිත හිමි ජාතික හෙළ උරුමය

ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවන් මේ කරගෙන යන මානුෂීය මෙහෙයුම යටතේ කිලිනොච්චිය හමුදා පාලනයට ගැනීම ප‍්‍රධාන කරුණු තුනක් යටතේ වැදගත් වෙනවා.

ඒ අතර මේ ද්‍රවිඩ ත‍්‍රස්තවාදී ජාතිවාදී අරගලය නිසා පීඩා විඳි ද්‍රවිඩ ජනතාවට සහනයක් සැලසීම ප‍්‍රධාන වෙනවා. ඊට අමතරව කිලිනොච්චිය මුදා ගැනීම මගින් මෙතෙක් කල් අපට තිබූ ජාතික ප‍්‍රශ්නයක් වූ ත‍්‍රස්තවාදය අවසන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ තුළින් සාමය උදාවීම පිළිබඳ ස්ථාවර පදනමක් ද ඇති වෙනවා. අනෙක් කරුණ මේ රටේ ජනතාව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් කෙළේ රටේ ඒකීයභාවය මුල්කර ගෙනයි. ජනතාව තුළ වූ ඒ උතුම් බලාපොරොත්තුව කිලිනොච්චිය මුදා ගැනීමත් සමග ඉටුවන බවද සඳහන් කළ යුතුයි.

කොටි ත‍්‍රස්තවාදීන් ඉදිරියේ දණින් වැටී හීනදීනව සිටි ඇතැම් දේශපාලනඥයන්ට මෙන්ම රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල පිරිසට අපේ යුධ හමුදාව මේ මොහොතේ ඉතා හොඳ නිවැරැදි තීරණයක් දී තිබෙනවා. ලෝකයේ දක්ෂතම නිර්භීතම හමුදාව අපේ හමුදාව බව ඔප්පු කර තිබෙනවා. මෙය සමස්ත ජාතියටම ආඩම්බරයක්.

යමෙක් රටට ආදරය කරයි නම් ඔහු හෝ ඇය කිලිනොච්චිය ජයග‍්‍රහණය කර ඇති මේ මොහොතේ අපේ ති‍්‍රවිධ හමුදාව නිරතුරුවම ශක්තිය ධෙර්යය ප‍්‍රාර්ථනා කළ යුතුයි. ඒවගේම මේ සඳහා නිවැරැදි නායකත්වය සැපයූ අතිගරු ජනාධිපතිතුමාට ද කෘතවේදී විය යුතුයි.

විශේෂයෙන් සඳහන් කළයුතුයි. ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය කියනවා මේ ලබාගන්නා ජයග‍්‍රහණ මේ රජය අයථා ලෙස පාවිච්චි කරනවා කියලා. එය එසේ විය යුතුයි. අතිගරු ජනාධිපතිතුමා යටතේ ලැබෙන නිවැරැදි නායකත්වය මේ ජයග‍්‍රහණවලට හේතුවයි. මේ යුධ හමුදාව ලබාගන්නා ජයග‍්‍රහණවල පූර්ණ ගෞරවය සහ නම්බුව රාජ්‍ය නායකත්වයට හිමි විය යුතුයි.


සිහින ඊලාම් රාජ්‍යයේ හදවත කඩා වැටිලා

-කේ. ඩී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්තී‍්‍ර

කොටි සංවිධානයේ දේශපාලන කේන්ද්‍රස්ථානයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පසුගිය කාලය පුරාම පිළිගත්තේ කිලිනොච්චිය. ඒ වගේම දේශීය මෙන්ම විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සමග කොටි සංවිධානය සාකච්ඡා පැවැත් වූ මධ්‍යස්ථානයද කිලිනොච්චියයි.

පසුගිය කාලය තුළ ඊනියා ඊලාම් රාජ්‍යයේ අගනුවර ලෙසද සැලකිල්ලට ගැනුනේ කිලිනොච්චියයි. කෙටියෙන්ම කීවොත් හරියට ලංකාවේ කොළඹ වගේ.

2002 රනිල් කොටි සමඟ රට පාවාදෙන ගිවිසුම අත්සන් කරාට පසු කොටින්ගේ දේශපාලනමය පරිපාලනමය මධ්‍යස්ථානය වූයේත් කිලිනොච්චියයි.

එනිසා කොටි සංවිධානයට කිලිනොච්චිය අහිමිවීම යනු කොටින්ගේ හදවත කඩා වැටීමක්. එවගේම ඔවුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනගා ගෙන තිබුණු ස්ථාවරය කඩා වැටීමක්.

ඒ වගේම ශී‍්‍ර ලංකා රජයේ නීතිය කිලිනොච්චියේ ස්ථාපිත කිරීම ගොඩනගා ගනිමින් තිබූ ඊලාම් රාජ්‍ය බිඳ වැටීමක්. ඒකීය ශී‍්‍ර ලංකාවක් සුරැකීමේ දී කොටි සංවිධානය අත්පත් කරගෙන තිබූ සියලු ප‍්‍රදේශ අපේ හමුදාව විසින් නිදහස් කර ගැනීමේ උච්චතම අවස්ථාව කිලිනොච්චිය මුදා ගැනීමයි.

තවද කිලිනොච්චිය මුදා ගත්තාට බෙදුම්වාදය, ත‍්‍රස්තවාදය ඉවර වෙන්නේ නැහැ. ඒ සඳහා හොඳම උදාහරණයක් අද මඩකළපුවේ ත‍්‍රස්තවාදය අලුත් ආකාරයකින් කි‍්‍රයාත්මක වෙනවා. ඒ නිසා කිලිනොච්චිය මුදා ගැනීම යනු සිහින ඊලාම් රාජ්‍යයේ හදවතම කඩා වැටීමක්.


දේශීය හා විදේශීය කුමන්ත‍්‍රණ පරාද වෙනවා

- පියසිරි විජේනායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජාතික නිදහස් පෙරමුණ

අපේ වීරෝදාර ආරක්‍ෂක හමුදාව නැඟෙනහිර මු‍්‍රළුමනින් ම සහ උතුරේ වැදගත් ප‍්‍රදේශ කිහිපයක් ද මේ වන විට ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන කිලිනොච්චිය ආසන්නයට ම පැමිණ තිබෙනවා.

මේ සඳහා කැප වූ ති‍්‍රවිධ හමුදා සහ ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානීන්ට මෙන්ම රජයට ස්තුතිවන්ත වනවා.

කිලිනොච්චිය මුදා ගැනීම කියන්නේ ප‍්‍රභාකරන්ගේ සියලු බලය හමුදාව අතට ගැනීමක්.

දේශීය විදේශීය ක‍්‍රමන්ත‍්‍රණ පරාජය කරමින් රජය මෙහිදී ඉදිරියට ගියා. මෙය ජාතියට කරන මහා මෙහෙවරක්.

කිලිනොච්චිය ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම යනු තවත් විදියකට කිවහොත් රටේ අනාගතයට තියෙන මහා බලයක් ලෙසත් හැඳින්විය හැකියි.


කිලිනොච්චිය අල්ලා ගැනීම කොටි හදවත ඇල්ලුවා වාගෙයි

- ලසන්ත අලගියවන්න මාර්ගස්ථ මගී ප‍්‍රවාහන ඇමැති

වසර තිහකට අධික කාලයක් ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයේ පැවැති ප‍්‍රදේශ අද වන විට අපේ ආරක්ෂක හමුදාව ඉතා ජයග‍්‍රාහී ලෙස අත්පත් කර ගනිමින් සිටිනවා.

කිලිනොච්චිය මුදා ගැනීම ඒ අතර ප‍්‍රධානයි.

හේතුව කිලිනොච්චිය කියන්නේ එල්.ටී.ටී.ඊ. යේ හදවත වගේම ප‍්‍රධාන මූලස්ථානයයි. අද වන විට මෙම ප‍්‍රදේශ අපේ හමුදාව අත්පත් කර ගැනීම තුළින් එල්.ටී.ටී.ඊ. ය ලබා ඇත්තේ අන්ත පරාජයක්.

ඔවුන් දිගින් දිගටම ලබාගන්නා මෙම පරාජයන් නැවත කිසි දිනෙක නිවැරැදි කර ගත නොහැකියි.


කිලිනොච්චිය මුදා ගැනීම ඉතා වැදගත් දෙයක්

- තිස්ස අත්තනායක එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්

ති‍්‍රවිධ හමුදාව විසින් කිලිනොච්චිය මුදා ගැනීම ඉතා වැදගත්. ත‍්‍රස්තවාදීනට විරුද්ධව යුධ මෙහෙයුම් කි‍්‍රයාත්මක විය යුතුය යන ස්ථාවරයේ අපි ඉන්නවා.

කිලිනොච්චිය කියන්නේ එල්.ටී.ටී.ඊ.යට ඇති පරිපාලනමය මධ්‍යස්ථානයක්. එය හමුදාව අතට පත්වීම තුළින් එල්.ටී.ටී.ඊ.යේ මානසිකත්වය බිඳ වැටෙනවා.

කිලිනොච්චිය අල්ලා ගැනීමේදී සෘජු කි‍්‍රයාමාර්ගයන්ට හමුදාව තල්ලු කිරීම නිසා අනතුරුද බොහෝ සිදුවෙනවා. මෙහිදී දේශපාලන පියවර නොගත යුතුයි. ආණ්ඩුව යුධ උපක‍්‍රම අනුව කි‍්‍රයා කළ යුතුයි.

ඒ වගේම හමුදාව අත්පත් කර ගන්නා ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීමටද පියවර ගත යුතුයි. ඒ සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍යයයි.

ති‍්‍රවිඩ හමුදාව ජීවිත පරිත්‍යාග කර ලබාගත් ප‍්‍රදේශ සුරක්ෂිත කිරීම අනිවාර්යයි. මේ සඳහා මේ වන තෙක් ස්ථිරසාර දේශපාලන විසඳුමක් රජය ගෙන නැහැ.


මේ ලැබූ ජය අප වෙහෙස මහන්සියෙන් ගත් එකක්

- ගාමිණී ලොකුගේ කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති

ජනවාර්ගික අර්බුදය විසඳ්‍ර ගැනීමට විවිධ අවස්ථාවල එල්.ටී.ටී.ඊ. යට සාකච්ඡා මාර්ගයට පැමිණෙන ලෙස අතිගරු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා.

එහෙත් එල්.ටී.ටී.ඊ. ය මාවිල්ආරු සොරොව්ව වහලා අහිංසක ජනතාව පීඩාවට පත් කරමින් ඉදිරියට යාමට කි‍්‍රයා කළා. එහිදී රජය මේ අහිංසක ජනතාව වෙනුවෙන් මානුෂික පියවරක් ගතයුතු යැයි තීරණය කළා.

පසුව රජය ඉතාම සැලසුම් සහගතව මානුෂීය මෙහෙයුම් ආරම්භ කළා. මෙහිදී අපේ ති‍්‍රවිධ හමුදාව දැඩි කැපවීමකින් කටයුතු කරන බව අමුතුවෙන් මතක් කළයුතු නැහැ.

රට ගිල ගෙන තිබුණු දැවැන්ත ප‍්‍රශ්නයක් එල්.ටී.ටී.ඊ. ය. එහෙත් අද වන විට එල්.ටී.ටී.ඊ. ය පරාජය කරමින් අපේ වීරෝදාර හමුදාව එල්.ටී.ටී.ඊ. යේ ප‍්‍රධාන බල මූලස්ථානය වන කිලිනොචිචිය අත්පත් කරගෙන තිබෙනවා. මේ ලැබූ ජයග‍්‍රහණය අති විශිෂ්ටයි.


රටට සාමය ඉතා ඉක්මනින් උදාවෙනවා

- ඒ. එච්. එම්. ෆවුසි ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති

මේ මොහොතේ ති‍්‍රවිධ හමුදාවට ආශිර්වාද කළ යුතුයි. වසර ගණනක් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ප‍්‍රදේශ අද වන විට හමුදාව අතට අරන් තිබෙනවා.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අපේ ති‍්‍රවිධ හමුදාව කරන මේ මෙහෙවර අගය කරනවා. එල්.ටී.ටී.ඊ. යෙන් මුදා ගැනීමට තිබෙන ඉතිරි ප‍්‍රදේශයන්ද හැකි ඉක්මනින් මුදා ගැනීමට අපේ ති‍්‍රවිධ හමුදාවට ශක්තිය ධෙර්යය ලැබේවායි ප‍්‍රාර්ථනය කරනවා.

රටේ සියලු ජනතාවට සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක් ඉතා ඉක්මනින් උදාවනු නොඅනුමානයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා