2009-01-06

ලොව විනයගරුකම හමුදාව

ලොව විනයගරුකම හමුදාව

උතුරේ මානුෂීය මෙහෙයුමේ යෙදෙන හමුදා බළසේනාංකවල අරමුණ වුයේ අහිංසක වැසියන් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් බේරා ගැනීමයි.ඒ නිසා ඔවුන්ට කිසිම ආකාරයකින් හිරිහැරයක් නොවන පරිදි මෙහෙයුම් කළයුතු බවට තීරණයක් විය.

එපමණක් නොව තුවාල වු හෝ යටත් වෙන කොටි සාමාජිකයන් තමන් වෙත බාරගෙන ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර ඇතුළු අවශ්‍යතා ලබා දී ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලෙස බළසේනාංකාධිපතිවරු උපදෙස් ලබා දී තිබුණි.

කිලිනොච්චි මෙහෙයුම දක්වා ආ ගමනේදී කොටි සාමාජිකයෝ තුවාල වූ කොටි සාමාජික සාමාජිකාවන් හමුදාවේ අනුකම්පාවට ලක්වී අද ජීවිත බේරාගෙන ජීවත් වෙන්නේ හමුදාවේ මානුෂිකත්වය නිසා ය.

තමන් සමග සටන් කරන තමාට එරෙහිව ගිනිඅවිය ඔසවන ප‍්‍රතිවාදියා දුර්වල වු විට ඔහු බාරගෙන උපකාර කර ජීවත්වීමට ඉඩ සලසන හමුදාවක් මේ ලොවේ තවත් කොතනක සිටීද?

හමුදාව අමානුෂිකයි කොටි නායක ප‍්‍රභාකරන් පෙන්වා දී තිබූ රූපය පුස්සක් බවට පත්වුයේ උතුරේ මානුෂික මේහෙයුමේදීය.

ආයුධය අතහැර හමුදාවට බාර වෙන්නැයි අත් අඩංගුවට පත් කොටි ෙමිජර්වරියක් පවා සමස්ත කොටි සංවිධානයේ සෙසු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ හමුදාවේ මානුෂිකත්වය නිසාය.