2009-01-13

උතුරේ ජනතාවගේ කොටි විරෝධය සහ සතුට

උතුරේ ජනතාවගේ කොටි විරෝධය සහ සතුට

ප‍්‍රභාකරන්ගේ නියෝගයට පිටින් හුස්ම පොදක් හෙළීමට බියෙන් සිටි උතුරේ ජනතාව අද දහස් ගණනින් ඔහුට එරෙහිව පෙළපාළි යති. ආරක්ෂක හමුදා විජයග‍්‍රහණවලට ප‍්‍රීති වෙති. ආශීර්වාද කරති. දශක තුනකට ආසන්න කාලයක් කොටි නීති-රීතියට ජීවත් වූ ඔවුන්ට මේ වනවිට මනුෂ්‍යයකුට හිමි සියලු මිනිස් අයිතිවාසිකම් හිමිවී ඇත.

ඔවුන් දැන් ජීවත්වන්නේ සතුටිනි. ඒ සතුට සදාකාලිකය. ඔවුන්ගේ දූ දරුවන්ට පැහැදිලි අනාගතයක් හිමිවී ඇත. ඒ අනාගතය ඔවුන් සතුටින් බාරගෙන සිටිති. ඔවුන්ගේ මුහුණුවල පිරි සිනහව ඒ බව කියාපායි. මානුෂික මෙහෙයුමේදී ආරක්ෂක හමුදා ලැබූ තවත් විශේෂ විජයග‍්‍රහණයක් නම් උතුරේ ජනතාවගේ ආදර ගෞරවයට ලක්වීමයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා