2009-01-13

දිවි පරදුවට තබා සටන් වදින

දිවි පරදුවට තබා සටන් වදින
යුද හමුදාපතිතුමාගේ ගමනට අපෙන් කිසිම බාධාවක් නෑ

බිරිය අනෝමා කියයි

මේ රටේ ජනතාව ත‍්‍රස්තවාදයෙන් බේරාගෙන ඔවුන් ආරක්‍ෂා කර සාමයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් උදා කර දීමට කැප වී සිටින යුද හමුදාපතිතුමාට මමත් දියණියන් දෙදෙනාත් ආශීර්වාද කරනවා යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආදරණීය බිරිය යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය පැවැසුවාය.


යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය

 

යුද හමුදාපතිතුමා මේ වන විට සම්පූර්ණයෙන්ම යොමු වී සිටින්නේ යුද්ධය වෙනුවෙන්. එතුමා යුද්ධයේ නියැළී සිටින්නේ දැඩි විශ්වාසයකින් යුතුවයි.

වසර ගණනාවක් උතුරු නැගෙනහිර යුද භූමියේ සිටි එතුමාට එම ප‍්‍රදේශ ගැන අලුතෙන් කිව යුතු නැහැ. ඇතැම් විට එතුමා දුරකථනයෙන් මෙහෙයුම්වල යෙදී සිටින අයට උපදෙස් දෙන ආකාරය හරියට සිිතියමක් දිග හැරියා වගෙයි.

එතුමා ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධයට නියැළී සිටිනවා. බොහෝ විට එතුමාට දරුවන්ගේ කටයුතු පිළිබඳව බලන්න නොහැකි වුවත් අප එතුමාගේ ඒ උතුම් කර්තව්‍යයට බාධාවක් වෙන්නේ නැහැ. අප යුද හමුදා සේවා වනිතා ඒකකයත් යුද හමුදාවේ වීරෝදාර සෙබලුන් වෙනුවෙන් බොහෝ දේ සිදුකරනවා.

අපි මේ කාර්ය සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා. එතුමා ඇතුළු ජීවිත පරිත්‍යාගයෙන් රට බේරා ගැනීමට කැප වී සිටින සියලුම රණවිරුවන්ට එම කාර්ය සාර්ථක වෙන්නැයි ආශීර්වාද කරනවා යැයිද ඇය පැවැසුවාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා