2009-01-13

මා කිව් අනාවැකි සියල්ල හරි

මා කිව් අනාවැකි සියල්ල හරි

පෙබරවාරි 4 වැනිදා වනවිට කොටි බලය සියල්ල සුන්

ඇත්ත වශයෙන්ම දීර්ඝ කාලයක් අපට අපේ රටට බලපාපු ඉතාමත් වැදගත් ම ප‍්‍රශ්නය බවට පත්වෙලා තිබුණේ මේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රශ්නයයි. මේ ප‍්‍රශ්නය අපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එතුමාගේ මාර්ගෝපදේශකත්වය මත හා උපදෙස් පරිදි මේ වෙන කොට අපි විශාල ජයග‍්‍රහණ ලබල තියෙනවා.

ජාතියේ මෙසේ ලබපු ලොකු ජයග‍්‍රහණයක් තමයි කිලිනොච්චිය, අලිමංකඩ සහ ඒ - 9 මාර්ගය බේරා ගැනීම. අපේ වීරෝධාර හමුදා සෙබළුන් විසින් අත්පත් කර දුන් ජයග‍්‍රහණ අති විශිෂ්ටයි. ඒ ජයග‍්‍රහණ සමඟ තව බොහොම පොඩ්ඩයි අපට තියෙන්නේ මුලතිව් වලට යන්න. ත‍්‍රස්තවාදීන් දැන් එයට කොටු කරලා හමාරයි.

මේ වෙලාව තීරණාත්මක වේලාවක්. ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශයේ එතුමා පසුගිය දවස්වල ප‍්‍රකාශ කෙළේ මේ ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම අතුගාලා දාලා ඉවරයක් කරන බවයි. 2009 වසර ජයග‍්‍රාහී වසරක් මේ රටට.

අවුරුදු 30 කට අධික කාලයක් උවදුරට පත්වෙලා තිබිච්ච මේ ප‍්‍රශ්නය අවසාන කරන වසරක් බවට එතුමා ප‍්‍රකාශ කළා. ඒ ප‍්‍රකාශය කරලා වැඩි දවසක් ගතවුනේ නැහැ. මේ කිලිනොච්චි ජයග‍්‍රණය ලැබුවා. ඊට පස්සේ අලිමංකඩ අද ඒ – 9 මාර්ගය හෙට මුලතිව් ජයගන්න ලැබෙනවා ඒකාන්තයි. මේ රටට ආදරය කරන යම්කිසි චිත්ත ශක්තියක් ඇතිව වැඩ කරන පාලකයෙක් හැටියට ජනාධිපතිතුමා මේ ජයග‍්‍රහණ මෙහෙයවන බව අපට පේනවා.

එතුමා අනුරාධපුර ජයසිරි මහා බෝධීන් වහන්සේ වැදපුදා ගන්නට වාර්ෂිකවම පැමිණෙනවා. මා හිතන්නේ මේ ජනවාරි 1 දා (2009) එතුමා හදිසියෙම ජයසිරි මහා හාමුදුරුවන් වඳින්න ආවේ තමන්ගෙ හිතේ ඇතිකරගෙන තිබිච්ච අධිෂ්ඨාන ශක්තින් කෙරෙහි ආශීර්වාද ලබා ගන්නට. මේ රට මුදා ගැනීමේ උදාර කටයුත්තට ජයශී‍්‍රමහා හාමුදුරුවන්ගේ ආශීර්වාදය ලබාගන්නට.

මේ ජයග‍්‍රහණ ලබන්නට අපට අවස්ථාව ලැබේවාය කියන මේ හොඳ ප‍්‍රාර්ථනාව ඇතිව එන්න ඇති. එතුමාගේ හිතේ ඇතිවූ එක් අදහසක් වූයේ මම හිතන්නේ ඉතා කෙටි කාලයක දී කාටවත්ම කව්රුත්ම බැහැ කියලා හිටි කිලිනොච්චිය ත‍්‍රස්තවාදීන් ගෙන් මුදවා ගැනීම වෙන්නැති.

එහෙම ආශීර්වාද ලබාගෙන ජනාධිපතිතුමා ප‍්‍රාර්ථනා කෙළේ “අනේ ජයශී‍්‍ර මහා හාමුදුරුවනේ” ඉතා කෙටි කලකින් කිලිනොච්චිය හමුදා අතට පත්කොට ගැනීමට හැකිවේවා. ඒ සඳහා ශක්තිය ධෛර්ය අප හමුදාවට ලබා දෙන්න කියලා වෙන්නැති. ඒකයි එහෙම ප‍්‍රාර්ථනා කරලා පැය 24 ක් ගතවෙන්ටත් පෙර මේ ඓතිහාසික ජයග‍්‍රහණ ලබන්නට පුළුවන් වුණේ. අද ඒ ජයග‍්‍රහණය අලිමංකඩ -ඒ - 9 දක්වා ලබාගෙන තිබෙනවා.

ජාතියක් හැටියට මුළු ජනතාවම පක්‍ෂ – පාට – ආගම් බේද පසෙකලා එකට එකතු වී මේ වෙනුවෙන් රටේ ජනතාව හැම තැනම ජයටම ජයග‍්‍රහණ සැමරුවේ. ජනාධිපතිතුමාට රණවිරුවන්ට ආරක්‍ෂක ලේකම් තුමාට හැමෝම එකහඩින් ආශීර්වාද කළා.

අප භික්‍ෂුන් වහන්සේ විදියට මේ කළ උදාර කටයුත්තට ආශීර්වාද කරනවා. 2009 පෙබරවාරි 04 වනදා වන විට ඉතුරු ටිකත් ඉවර කරලා සමස්ත ජනතාවටම එකම කොඩියක් යටතේ එකම රටක් හැටියට සාමයෙන් නිදහස් උත්සවය සමරන්නට වාතාවරණය ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදා රණවිරුවන් සලස්වා දෙන බව අපට විශ්වාසයි. මම එදා ආශීර්වාද කළා කීවා. මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වන බව. ඊට පසු ජනාධිපති වන බවද කීවා. ඒ මා කී අනාවැකි හරිගියා. ඒ වාගේම මේ අනාවැකියත් 04 වනදාට හරියාවි.

අපි ඒ සඳහා හැමෝම එකතු වෙලා ති‍්‍රවිධ හමුදාවට ජනාධිපතිතුමාට ආශීර්වාද කරමු. එතුමාගේ වසර තුනක කාලයක් කරන ලද වැඩ ඉතා වටිනවා.

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ
කාරක සංඝ සභික විශ‍්‍රාමලත් කථිකාචාර්ය
පූර්වාරාමාධිපති පොත
ානේ ධම්මානන්ද හිමි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා