2009-01-13

රාජ්‍ය නොවන සංවිධානවලින් ප‍්‍රභාකරන්ට ගුවන් පථ හතරක්

රාජ්‍ය නොවන සංවිධානවලින් ප‍්‍රභාකරන්ට ගුවන් පථ හතරක්

මුලතිව් ගුවන් පථයට පිවිසෙන මාර්ගය

රාජ්‍ය නොවන සංවිධාන උතුරේ දෙමළ ජනතාවට ආධාර උපකාර කරන බව පවසා කොටි ත‍්‍රස්තවාදීන්ට ගුවන් පථ 4 ක් තනා දී තිබේ.

ඔවුන් ඒ සඳහා රුපියල් කෝටි ගණනාවක් වියදම් කර ඇත. සිවුවෙනි ගුවන් පථය මුලතිව් ප‍්‍රදේශයෙන් හමුවූයේ පසුගිය 10 දාය.

කොටි නායකයාගේ වාස භූමිය වූ මුලතිව් ප‍්‍රදේශයේ එම ගුවන් පථය පිහිටා ඇත. සෙසු ගුවන් පථවලට වඩා පහසුකම්වලින් සමන්විත එම ගුවන් පථය කොටින්ගේ කුරුම්බැට්ටි යානා නොව ඊට වඩා මහා පරිමාණ යානයක් බැස්සවීමට හැකි තරම් පහසුකම්වලින් සමන්විතය.

 

මුලතිව් ගුවන් පථය

නාවික හමුදාව කොටි ආයුධ නෞකාවකට පහර දුන් අවස්ථාවේ එම නැවේ නවීන ගුවන් යානයක කොටස් තිබූ බවට හෙළිදරව් විය.

එදා එසේ ගෙන එන්නට ඇත්තේ සුඛෝපභෝගී නවීන ගුවන් යානයක් විය හැකි බව ආරක්‍ෂක අංශවල මතයයි.

මේ පුංචි රටට සෙසු ප‍්‍රදේශ ආවරණය වන පරිදි තිබෙන්නේ ගුවන් පථ 3 ක් පමණි. එහෙත් ප‍්‍රභාකරන්ගේ සිහින රාජ්‍යයට රාජ්‍ය නොවන සංවිධානවලින් ගුවන් පථ 4 ක් තනාදීමට තරම් පරිත්‍යාගශීලී වී ඇත.