2009-01-13

ඒ-9, අලිමංකඩ ජයගත් විරුවෝ

 ඒ-9, අලිමංකඩ ජයගත් විරුවෝ
 


යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා

නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක

බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා

මේජර් ජනරාල් ජගත් ඩයස්

ලිමංකඩ ප‍්‍රදේශයෙන් කොටි පළවා හරිමින් ඒ-9 මාර්ගයේ අවසාන කොටි බලකොටුව විනාශ කර දමා එහි බලය අත්පත් කර ගැනීමට කටයුතු කෙළේ 53 සහ 55 වෙනි බළ සේනාංකයි.


බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න


බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා

බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න සහ බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් එම බලසේනාංක කොටි අටවා තිබු මර උගුල් බිම් බෝම්බ ඇතුලු සියලු බාධක ප‍්‍රහාර මධ්‍යයේ ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට ගොස් ජයග‍්‍රාහි ඉලක්කය ලබා ගත්හ.

අලිමංකඩ ජයග‍්‍රහණය කිරීමත් සමඟම ඒ-9 නුවර යාපනය මාර්ගය සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශ අතට පත්වීම ඓතිහාසික ජයග‍්‍රහණයකි. ඒ ඓතිහාසික ජයග‍්‍රහණය ඉතිහාස පිටුවට එක් කිරීමට අවශ්‍ය අවසාන බාධකය ඉවත් කළ 53 සහ 55 බලසේනාධිපතිවරුන්ගේ කැපවීම ඉතා ඉහළ මට්ටමක තිබුණි. කොටි ත‍්‍රස්තයන් වරින්වර ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කරමින් අත්පත් කර ගැනීමට උත්සාහ කළ මුහමලේ ප‍්‍රදේශය කොටි ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරවලට නිතරම ලක්වු ප‍්‍රදේශයකි.

එහෙත් එම ප‍්‍රදේශය රැකගෙන සිටීමට 53 වෙනි බළ සේනාංකයට හැකිවිය. එහි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න සහ 55 බල සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා විරුවනි ඔබගේ සේනාංක වල කැපවීමෙන් ඒ ලබාගත් ජයග‍්‍රහණ මේ රටේ ජනතාව අභිමානයෙන් සිහිපත් කරති.


ජයග‍්‍රහණයේ සතුට බුක්ති විඳීමින්....

 

 

 

 

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා