2009-01-13

ස්ථීර අධිෂ්ඨානය, නිවැරැදි නායකත්වය

ස්ථීර අධිෂ්ඨානය, නිවැරැදි නායකත්වය

නිවැරැදි නායකත්වය, ස්ථීර අධිෂ්ඨානය, අංවක කැපවී ම යම් රටක නායකයකුට තිබේ නම් ඉන් ඒ රටේ ජනතාව ලබන්නා වූ ජයග‍්‍රහණ ද අප‍්‍රමාණය.

මේ රටේ උතුරු නැෙඟනහිර යුද්ධය ආරම්භ වී දශක තුනකට ආසන්නය. කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සිහින රාජ්‍ය සැබෑවක් කර ගැනීම පිණිස ඔහු එල්. ටී. ටී. ඊ. සංවිධානය ඇති කරගත්තේ ය. එදා සිට දශක තුනකට ආසන්න කාලයක් මේ පුංචි රටේ ප‍්‍රභාකරන්ගේ මේල්ච්ඡ අපරාධ නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව මේතකැයි කිව නොහැකිය. අහිංසක මවුවරු පියවරු දූ දරුවන් පූජකවරු, ප‍්‍රභූවරු, දේශපාලනඥයන්, බුද්ධිමතුන් විශාල පිරිසක් එසේ මිය ගියහ.

එපමණක් නොවේ නිදි පැදුරේ සිටි අහිංසක දරු පැටවුන් වයෝවෘද්ධ මවුපියන් පවා ත‍්‍රස්තවාදියාගේ කැති පිහි පහරට ගොදුරු වූහ.

දශක තුනක් පුරා

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ මේ ව්‍යසනය පිළිලයක් බවට පත් වී තිබුණි. මේ මහා අපරාධකාරී ත‍්‍රස්තවාදය කවදා නිමාවේදැයි මේ රටේ ජනතාව බලා සිටියහ. රාජ්‍ය නායකයන් ගණනාවක් රජකම් කළහ. එහෙත් ඒ කිසිදු නායකයකුට ත‍්‍රස්තවාදය නැත්තටම නැති කර දැමීමට හැකිවූයේ නැත.

ආරක්ෂක හමුදා මෙහෙයුම් සිය ගණනක් සිදුකළහ. සටන් විරාම සාම සාකච්ඡා පැවැත්විණි එහෙත් ක‍්‍රමක් ක‍්‍රමයෙන් කොටි ත‍්‍රස්තවාදීන් පෝෂණය වූහ. ඇතැම් නායකයන් අවංකවම ත‍්‍රස්තවාදය විනාශ කිරීමට කටයුතු කළහ. තවත් පිරිස් යුද්ධය වවාගෙන කෑහ. පතරොමකින් ශත 50 පවා තබාගෙන යුද්ධයෙන් හම්බ කළ අය ද සිටියහ.

බලවත්ම ගරිල්ලා කණ්ඩායම

කෙසේවුව ද ත‍්‍රස්තවාදය නැති වී යාමක් සිදුවූයේ නැත. ඔවුන් ලොව සිටින අංක එකේ ගරිල්ලා කණ්ඩායමක් බවට පත්විය. ප‍්‍රභාකරන් උතුරු නැෙඟනහිර කේන්ද්‍ර කොට ගනිමින් මහා පරිමාණ ම්ලේච්ඡ කි‍්‍රයාවල යෙදුණි. එම පිළිලයට තවත් පරම්පරා තුන හතරකටත් මුහුණදීමට සිදුවෙතැයි විශ්වාස කරගෙන සිටි මොහොතක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිධූරයට පත්විය.

මේ රටේ අහිංසක ජනතාව ත‍්‍රස්තවාදී උවදුරෙන් බේරාගෙන ස්ථීර විසැඳුමක් ලබා දෙන බවට එතුමා පොරොන්දුවක් දුන්නේ ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එතුමා එම පොරොන්දුව ඉෂ්ඨ කරමින් මුළු ලෝකයක් ම පුදුමයට පත් කරවමින් නැඟෙනහිර පළාත ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් බේරාගත්තේ ය. රටේ නායකයා සේනාධිනායකයාණන් වශයෙන් එතුමා කි‍්‍රයාවට නැංවූ ඒ චින්තනය සම්පූර්ණයෙන්ම ඵල ගැන්විණි. වසර තිහකට ආසන්න කාලයක් නිදහසේ හුස්ම පොදක් ගැනීමට නොහැකිව ත‍්‍රස්තවාදී ග‍්‍රහණයට හිරවී සිටි දෙමළ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් උදාකර දුනි.

ප‍්‍රභාකරන් පාසල් දරුවන් අතට දී තිබූ ගිනි අවිය වෙනුවට ජනාධිපතිතුමා පෑන පැන්සල් පොත් මිටිය ලබාදුන්නේ ය. තරුණ තරුණියන්ගේ ගත වසාගත් කොටි පුල්ලි ඇඳුම වෙනුවට නිදහස් ඇඳුමක්, කොටි වගකීම් වෙනුවට තරුණ දිවියකට හිමි ජීවිතයේ වගකීම් අවබෝධ කර දුන්නේ ය. ඉන් අද නැෙඟනහිර ජනතාව මේ රටේ නිදහස් පුරවැසියකුට හිමි සියලු වරප‍්‍රසාද ලබමින් ජීවත් වෙති.

අනතුරුව ජනාධිපතිතුමා ආරක්ෂක බළසේනාවල අවධානය උතුරට යොමු කෙළේය. ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි යැයි බොහෝ පිරිස් පැවසූහ. උතුරට අත තියන්න නොදෙන බව ප‍්‍රභාකරන් පැවැසීය. වන්නි මෙහෙයුම නවත්වා දැමීමට බොහෝ බලවේගයන් කි‍්‍රයාත්මක විය. කුමන්ත‍්‍රණ සිදුවිය. එතුමා විනාශ කිරීමට මරාගෙන මැරෙන සැලසුම් කඩිනම් වෙලා ප‍්‍රභාකරන් යළි යළිත් සටන් විරාම ඉල්ලා. එතුමාගේ දෙපාළඟ වැටෙන තරමට අසරණ විය. අන්තර්ජාතික වශයෙන් පවා බලපෑම් කරවා වන්නි මෙහෙයුම නවත්වා ගැනීමට කොටි නායකයා උත්සාහ කෙළේය.

මේ කිසිදු බලවේගයකට ජනාධිපතිතුමා යන ගමන නවත්වාලීමට නොහැකි විය. නොසැලෙන පර්වතයක් සේ නොසැලී නොවැටී ශ්‍රේෂ්ඨ නායකයකු සතු එඩිතර ගරුගාම්භීර අභිමානයෙන් සහ ඉවසීමෙන් යුතුව එතුමා ති‍්‍රවිධ හමුදා නායකයන්ට උපදෙස් දෙමින් උතුරෙන් ත‍්‍රස්තවාදීන් පලවා හැර උතුරේ අහිංසක මිනිස් ජීවිත ගලවාගැනීමට අවශ්‍ය මානුෂික මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කෙළේය.

නායකයකුගේ සිතේ පවතින්නා වූ චේතනාව අවංක නම් නිවැරැදි නම් ඒ නායකයාට නිරන්තරයෙන් ම හිමිවන වාසනා ගුණය ඒ රටේ ජනතාවට ද හිමිවෙයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සතු වූ වාසනා ගුණය අද මේ රටේ ජනතාවගේ ජීවිතවලට ද ලැබී ඇත.

උතුරේ අඩියක් අඩියක් පාසා ගම්දනව් පසුකරමින් ඉදිරියට ගිය හමුදා බල සේනාවෝ වසරක් වැනි කෙටි කාලයක දී ලබාගත් ජයග‍්‍රහණ අප‍්‍රමාණය, ඒවා මේ රටේ අහිංසක ජනතාවගේ ජයග‍්‍රහණයන්ය.

ඒ ජයග‍්‍රහණවල අවසාන ඉලක්කය කරා යුද හමුදාව පැමිණ ඇත. කොටි නායකයා සිරකරගෙන සිටින ලක්ෂ ගණනක අහිංසක ජීවිත බේරා ගැනීමේ ඉලක්කය වෙත සේනාවෝ ළඟාවී සිටිති. තවත් වැඩි කාලයක් ගත නොවී ඒ අහිංසකයන් ප‍්‍රභාගේ සිර අඩවියෙන් නිදහස් වනු ඇත.

ත‍්‍රස්තවාදය පිළලයක් වූයේ මේ පුංචි රටට පමණක් නොවේ. සමස්ථ ලෝකයටමය. ත‍්‍රස්තවාදීන්ට බියෙන් තම ගේ දොර ඉඩකඩම් දේපොළ වස්තුව හැරදමා පලා ආ පිරිස් සිය දහස් ගණනක් යළිත් ඒ ගේදොර ලබාගැනීමේ ආසාවෙන් බලා සිටිති.

මුළු ලෝකයක් ම විසැඳුම් සෙවූ ත‍්‍රස්තවාදයට අද ස්ථිරසාර පිළිතුරක් ලබා දී තිබෙන්නේ මේ පුංචි රටේ එඩිතර නායකයාය. දශක තුනකට ආසන්න කාලයක් මෙරට පමණක්නොව ඉන්දියාව වැනි රටවල නායකයන්ට පවා උත්තරයක් සෙවීමට නොහැකි වූ ත‍්‍රස්තවාදයට ජනාධිපතිතුමා වසර දෙක තුනක් වැනි කෙටි කාලයකදී ලබාදිය හැකි හොඳම උත්තරය ලබා දී ඇත. එතුමාගේ පිළිතුර හමුවේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමට එරෙහි ව නැගී සිටි සියලු බලවේග නිරුත්තර වී ඇත. අද අන්තර්ජාතිකය පවා ජනාධිපතිතුමාගේ ජයග‍්‍රාහී ගමන අගය කරති. ඇතැම් රාජ්‍ය නායකයෝ එතුමා ආදර්ශයට ගැනීමට උත්සාහ කරති.

ජාති ආගම් පාට බේද නොසලකා මේ රටේ සුවහසක් ජනතාවට එතුමා ලබාදුන් මේ ජයග‍්‍රහණය එතුමාගේ නාමයෙන් ඉතිහාසයට එක් වී හමාරය. තවත් අවුරුදු සිය ගණනක් හෝ ඉදිරියට මේ රටට බිහිවන නායකයන් හා ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රට ආරක්ෂා කළ දෙවි කෙනකු ලෙස සලකා ගෞරව භක්තියෙන් සිහිපත් කරනු නියතය.

මේ මාතෘ භූමිය ත‍්‍රස්තවාදයෙන් බේරාගෙන රටේ ජනතාවගේ සිත්හි පැවතුණා වූ බිය සංකා දුරු කර නිදහස් නිවහල් දේශයක් උරුම කරදුන් ඒ අභීත නායකයානන්ට මේ රටේ ජනතාව සදා ණය ගැතිය.