ලංකා බැංකු අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ විභාගය 19දා

ලංකා බැංකු අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ විභාගය 19දා

ලංකා බැංකුවට අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාරවරුන් බඳවා ගැනීමේ තරග විභාගය 19 වැනිදා පැවැත්වේ.

අපේක්ෂකයන් 53,000 ක් පමණ දිවයින පුරා මධ්‍යස්ථාන 364ක දී විභාගයට පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.

විභාග අපේක්ෂකයන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මඟින් යවා ඇති අතර, විභාග ප්‍රවේශ පත්‍ර නොලැබූ විභාග අපේක්ෂකයන් වෙතොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විදේශ විභාග ශාඛාවේ දුරකථන අංක 011 2785230 ඔස්සේ විමසන මෙන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා