සහන ගම්මානවල සුබසාධනයට රුපියල් තිස්පන් කෝටියක්

සහන ගම්මානවල සුබසාධනයට රුපියල් තිස්පන් කෝටියක්

පරිපූරක ඇස්තමේන්තුව ඊයේ මැතිසබේට

සහන ගම්මානවල සිටින ජනතාව ඔවුන්ගේ මුල් වාසස්ථානවල නැවත පදිංචි කරන තෙක් සැපයිය යුතු මූලික අවශ්‍යතා සහ සුබසාධන කටයුතු සඳහා රුපියල් තිස් පන් කෝටියක මුදලක් ලබා ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (8) ඉදිරිපත් කැරිණි.

නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා ඇමැති රිෂාඩ් බදියුදින් මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පරිපූරක ඇස්තමේන්තුව සභාවට පිළිගැන්විය.

මේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින් ආරක්ෂාව නවාතැන් පහසුකම්, ආහාරපාන සනීපාරක්ෂක හා අනෙකුත් පහසුකම් සහ සුබසාධන කටයුතු සඳහා දරන්නට සිදුවූ අනපේක්ෂිත වියදම් හා ඉදිරි කාලසීමාව තුළ දරන්නට සිදුවන වියදම් වෙනුවෙන් මේ වර්ෂයට අමාත්‍යාංශයට වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව ඇස්තමේන්තු යෝජනාවෙහි දැක්වේ.

කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්ක මුදාගැනීම සඳහා වූ උතුරේ මානුෂීය මෙහෙයුම්වලදී රජයේ පාලන ප්‍රදේශවලට පැමිණි 288938 ක් වූ ජනතාව වෙනුවෙන් මේ මුදල අවශ්‍ය බව ද ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා යෝජනාවෙන් දන්වා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා