බෙන්තොට-අලුත්ගම අතර දුම්රිය ධාවනය 12-13 තාවකාලිව නවතී

බෙන්තොට-අලුත්ගම අතර දුම්රිය ධාවනය 12-13 තාවකාලිව නවතී

බෙන්තොට දුම්රිය පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ මස 12 සහ 13 දෙදින අලුත්ගම හා ඉඳුරුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා තාවකාලිකව නතර කරනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේ සිට අලුත්ගම දුම්රිය ස්ථාන අතර ධාවනය වන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.

මරදාන සිට මාතර දක්වා ධාවනය වන අංක 8050 දරන සීග්‍රගාමී දුම්රිය 12 දින පෙරවරු 6.30 ට මරදානින් පිටත් වී අලුත්ගම දුම්රිය ස්ථානයට පෙරවරු 8.34 ළගාවීමට නියමිතය.

අදාළ දින දෙකේ දී මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.07 පිටත් වී අලුත්ගමට 9.58 ටත්, කොළඹ කොටුවෙන් පෙරවරු 10.30 ට පිටත් වී අලුත්ගමට 11.54 ටත් , මරදානින් සාගරිකා දුම්රිය 4.40 පිටත්වී අලුත්ගමට 6.07 ටත් , මරදානින් රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය 3.40 පිටත් වී අලුත්ගමට 5.03 ටත් , මරදානින් ගාල්ල බලා ධාවනය වන දුම්රිය 5.25 පිටත්වී අලුත්ගම දුම්රිය ස්ථානයට රාත්‍රි 7.22 ට ළඟා වීමට නියමිතය.

මාතර බලා ධාවනය වන රජරට රුජින දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයෙන් දහවල් 12.01 ට පිටත් වී කොළඹ කොටුවට දහවල් 1.20 ටත් , අලුත්ගමින් පස්වරු 3.40 ට පිටත්වන දුම්රිය කොළඹ කොටුවට පස්වරු 5.13 ටත් , අලුත්ගමින් පස්වරු 5.40 ට පිටත් වන දුම්රිය කොළඹ කොටුවට 6.45 ටත් , අලුත්ගමින් පෙරවරු 6.30 පිටත් වන දුම්රිය කොළඹ කොටුවට පස්වරු 7.47 ටත් , අලුත්ගමින් පෙරවරු 5.54 ට පිටත් වන දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට පෙරවරු 7.46 ටත් ළගාවීමට නියමිතය.

12 සහ 13 දිනයන්හි මරදාන දුම්රිය ස්ථානයෙන් 6.45 ගාල්ල බලා ධාවනය වන දුම්රියත්, මරදානින් දහවල් 1.40 හා පස්වරු 5.50 මාතර බලා ධාවනය වන දුම්රියයන් ද අදාළ දිනවලදී අවලංගු කෙරේ.

13 වනදින පස්වරු 5.00 න් පසු මුහුදු බඩ දුම්රිය මාර්ගයේ සියලුම දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා