චැනල් 4 සිද්ධියට එරෙහිව වන්දි ඉල්ලා නඩු දැමීමට පියවර

චැනල් 4 සිද්ධියට එරෙහිව වන්දි ඉල්ලා නඩු දැමීමට පියවර

චැනල් 4 මාධ්‍ය ආයතනයට එරෙහිව ස්ටර්ලින් පවුම් බිලියනයක් ඉල්ලා නඩු දැමිය යුතු බවට ඊයේ (8) දින රැස්වූ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානය ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා සඳහන් කෙළේ චැනල් 4 මාධ්‍ය ආයතනය අපේ හමුදාවන්ට හා රටට කළ අපහාසය නිසා මෙසේ ලංකාවේදීත් එංගලන්තයේදීත් වෙන වෙනම නඩු පැවරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගැනීමට කටයුතු යොදන බවය.

මේ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ හා එංගලන්තයේ සොලිසිටර් සරත් විජේසිංහ හා අධිනීතිඥ කීර්ති උඩවත්ත මහත්වරු මූලිකව කටයුතු කරන බව මව්ලානා මහතා වැඩිදුරටත් පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා