රුපියල් කෝටි 35ක වියදමින් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ වසර අගදී ගුරුවරුන් අතට

රුපියල් කෝටි 35ක වියදමින් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ වසර අගදී ගුරුවරුන් අතට

පළමුවැනි ශ්‍රේණියේ සිට දහතුන්වැනි ශ්‍රේණිය දක්වා උගන්වන ගුරුවරුන් 2,12,123කට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ 2010 වසර වන විට ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ඒ අනුව සෑම ගුරුවරයකුට ම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදීම සඳහා වර්ග 479කින් පිටපත් තිස්හතර ලක්ෂයක් මුද්‍රණය කැරේ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් කෝටි 35ක් වැය කරයි. ජාතික අධ්‍යාපන ආයතනය මේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සකස්කර ඇත. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ඒවා මුද්‍රණය කොට බෙදාහරිනු ලබයි.


විෂය නිර්දේශ හා ක්‍රියාකාරකම් නියමාකාරයෙන් සිදුකිරීම සඳහා ගුරුවරුන් අත මාර්ගෝපදේශ සංග්‍රහ තිබීමේ වැදගත්කම නිසා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙසින් මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වේ.


ලබන වසර සඳහා වන පෙළපොත් හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ද දෙසැම්බර් නිවාඩුවට පෙර දරුවන්ට හා ගුරුවරුන් අතට පත් කිරීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කැරේ.


ගුරු මාර්ගෝපදේශ බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී හෙට (20) සිදුකැරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා