පොලිස් උසස්වීම්වලට ස්ථිර ක්‍රමවේදයක්

පොලිස් උසස්වීම්වලට ස්ථිර ක්‍රමවේදයක්

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ලබා දීම සඳහා වෙනස් කළ නොහැකි ස්ථිර ක්‍රමවේදයක් ඇති කිරීමට පියවර ගෙන ඇති බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පැවැසීය.

මෙතක් කාලයක් පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී සිදුවූ විවිධ අක්‍රමිකතා මඟ හැර ඔවුන්ට සුදුසුකම් අනුව උසස්වීම් ලබා ගැනීමට හැකි වන පරිදි එම වැඩපිළිවෙළ සකස් කෙරේ.

බොහෝ කාලයක් එකම තනතුරේ සිටි උසස්වීම් නොලැබූ විශාල පිරිසක් පොලිස් සේවයේ නියුතුව සිටිති. විවිධ හේතු මත ඔවුන්ට උසස්වීම් ලැබීම ප්‍රමාද වී ඇත. පසුගිය වසර තුන ඇතුළත මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ පොලීසියේ දහතුන් දහසකට උසස්වීම් ලබා දී තිබේ.
 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා