මාධ්‍ය ලබා දුන් ප්‍රචාරය නිසා දැරිය සොයා ගැනීමට හැකි වුණා

මාධ්‍ය ලබා දුන් ප්‍රචාරය නිසා දැරිය සොයා ගැනීමට හැකි වුණා

-පොලිස්පති

පසුගියදා (09) කැලණි විහාරයේදී පැහැර ගැනීමට ලක්වූ සෙනුනි නිමංශා මාපලගම දැරිය පිළිබඳ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් කරන ලද පුළුල් ප්‍රචාරය නොවන්නට දැරියගේ ඉරණම මීට වඩා වෙනස් ආකාරයකට සිදුවීමට ඉඩ තිබූ බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පැවැසීය.

දැරිය සොයා ගැනීමෙන් අනතුරුව පොලිස් මූලස්ථානයේ ඊයේ (11) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍ය කළ මෙහෙවරට ස්තුති කරමින් පොලිස්පතිවරයා එසේ පැවැසීය. පැහැර ගැනීමට ලක්වූ සෙනුනි නිමංශා දැරිය සහ ඇගේ මවුපියන්ද එම අවස්ථාවට කැඳවා තිබුණි.

පැහැර ගැනීමට ලක්වූ දැරිය පිළිබඳව තොරතුරු ලබාදෙන අයකුට රුපියල් ලක්ෂ දහයක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනමන බවටද ඊයේ පොලිස්පති මහින්ද බාලසූරිය මහතා දැනුම් දී තිබුණි.

දැරිය පැහැරගත් අවස්ථාවේ සිට දිනපතාම මාධ්‍ය පුළුල් මෙහෙවරක් කළ බවත් එම ප්‍රචාරය තුළින් රට පුරා සෑම කෙනෙකුම දැඩි සානුකම්පිකව මේ පිළිබඳව අවධානය යොමු කර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දරුවා සොයා ගැනීමට හැකිවූ බැවින් සියලුම මාධ්‍යයට මේ සම්බන්ධව ස්තුති කරන බවද පොලිස්පතිවරයා පැවැසීය.
 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා