රුහුණු සරසවියේ ගැටුමට මුල් වූ සැකකාර සිසුන් දෙදෙනෙක් දැලේ

රුහුණු සරසවියේ ගැටුමට මුල් වූ සැකකාර සිසුන් දෙදෙනෙක් දැලේ

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (16) සවස ඇතිවූ ගැටුමට සම්බන්ධ බවට සැකකෙරෙන සිසුන් දෙදෙනකු මාතර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සිසුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් පවතින අතර පරීක්ෂණවලින් පසු එම සිසුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇතැයි මාතර මූලස්ථාන පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක රථවාහන අංශයේ ස්ථානාධිපති ඒ. සමරසිංහ මහතා කීය.

සිසුන් දෙපිරිස අතර ගැටුමෙන් තුවාල ලැබූ රුහුණු විශ්වවිද්‍යාල සිසුන් තිදෙනකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. ශිෂ්‍ය සංගම් දෙකකට සම්බන්ධ මේ සිසුන් දෙපිරිස අතර කාලාන්තරයක් මුළුල්ලේ සිට මේ ගැටුම් ඇති වෙමින් පතිනන බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග කියයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිසුන්ගේ තත්ත්වය සතුටුදායක නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.රුහුණු සරසවියට නවක සිසුන් බඳවා ගැනීමේදී දිගින් දිගටම සිදු කරගෙන එන මේ අරගලකාරී තත්ත්වය ඊයේ (17 දා) හටගත් ගැටුමටද මුල්වී ඇති බව සරසවි කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි. මාතර පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා