මිනිස් ශුක්‍රාණුවල චලන වේගය වැඩි කරන රසායන සංයෝගයක් බේරුවල කොරල්පර අසල

මිනිස් ශුක්‍රාණුවල චලන වේගය වැඩි කරන රසායන සංයෝගයක් බේරුවල කොරල්පර අසල

ශ්‍රී ලාංකික විද්‍යාඥ පිරිසක් සොයා ගනී

මිනිස් ශුක්‍රාණුවල චලන වේගය වැඩි කළ හැකි ස්වභාවික රසායනික සංයෝගයක් බේරුවල “බාබරින් රිෂ්” නම් කොරල්පරයක් ආශි‍්‍රතව වැඩෙන රතු ඇල්ගාවලින් කළ පරීක්‍ෂණයකින් ශශ්‍රී ලාංකික විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත. එම සංයෝගය ලෝකයේ මෙතෙක් වාර්තා වූ ශුක්‍රාණුවල චලන හැකියාව වර්ධනය කළ හැකි අටවන සංයෝගය බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

ශශ්‍රී ලංකාවේ විද්‍යාඥයකු වන ආචාර්ය ජී. ඒ. එස්. ප්‍රේමකුමාර මහතා විසින් සොයාගෙන තිබෙන මෙම S – Act – 1  රසායනික සංයෝගය දැනට සායනිකව භාවිතා වන පෙන්ටොක්සිෆයිලින් (Pentoxuyphyllin) නැමති ඖෂධයට වඩා 28 ගුණයකින් වැඩි බව අවධාරණය කරන ජාතික පර්යේෂණ කොමිසම චලනය වීමේ හැකියාවක් නොමැති ස්ථිතික ශුක්‍රාණුවල පවා චලනය වීමේ හැකියාව ඇතිකිරීමේ ගුණයක් මෙම නව S – Act – 1 සංයෝගයට හැකි බැවින් දැනට භාවිතා වන පෙන්ටොක්සිෆයිලින් ඖෂධයේ නැති ගුණයක් මෙම නව රසායනික සංයෝගය සතු වන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙම සුවිශේෂ සංයෝගය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රජනන සායනයන්හි දරු උපත් වැඩි කිරීමට සායනික මට්ටමින් භාවිතා කිරීම සඳහා යොදා ගත හැකි අතර, මිනිස් ශුක්‍රාණු දියර නයිට්‍රජන් උපයෝගී කර ගනිමින් ඍණ ශීතලයට පත් කර ගබඩා කිරීමේ දී, මිනිස් ශුක්‍රාණුවලින් සැලකිය යුතු කොටසක් හානියට පත්වන නමුත්, ශ්‍රී ලංකාවේ සොයා ගන්නා ලද

S – Act – 1 ශුක්‍රාණු සංයෝගය ශුක්‍රාණු ගබඩා කිරීමේ දී ආරක්‍ෂා කර ගැනීමේ හැකියාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බව ජාතික පර්යේෂණ සභාව අවධාරණය කරයි. ඉදිරියේ දී ශුක්‍රාණු බැංකුගත කිරීමේ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගත හැකි මෙම අගනා සංයෝගය ලෝක ප්‍රජනන සායනයන්හිදී යොදා ගැනීමට හැකි වීමෙන් ශශ්‍රී ලංකාවට විදේශ විනිමය ද ලබාගැනීමට හැකිවන අතරම, අඩු ෂයදම් උපත් වැඩි කිරීමේ ප්‍රතිකාරක නිෂ්පාදන මට්ටම ද වර්ධනය වනු ඇතැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විශ්වාසය පළකරයි.

විද්‍යාත්මක පර්යේෂණවලින් ආසියාවේ ඉදිරියෙන් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් ලෝකයේ ඉහළ තාක්ෂණ හා විද්‍යාත්මක දියුණුවක් ලබාගැනීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් දියත් කරනු ලබන සැලසුම්ගත වැඩසටහන් යටතේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මෙම විද්‍යාත්මක සොයා ගැනීම් ඉතා වැදගත් වන අතර, මෙම විද්‍යාත්මක සොයා ගැනීම් ජනතාවගේ ආර්ථික හා සමාජ සංවර්ධනය යෙදවීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා