හඳුනා නොගත් මත්කුඩු විශේෂයක්:

හඳුනා නොගත් මත්කුඩු විශේෂයක්:

සැකකරු දඹුල්ලේදී අත්අඩංගුවට

විදේශයක සිට මෙරටට ගෙන ආ හෙරොයින් නොවන හඳුනා නොගත් මත් කුඩු විශේෂයක් අඩංගු කුප්පියක් සමඟ සැකකරුවකු දඹුල්ල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.දඹුල්ල ජාත්‍ය්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පාකිස්ථාන ක්‍රිකට් තරගය නැරැඹීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ සිට පැමිණි අයකු සතුව තිබී මේ මත්කුඩු විශේෂය සොයාගෙන තිබේ. මේ මත්කුඩු විශේෂය මුවට තැබූ පමණින් මත් වන බවට පොලීසිය හඳුනාගෙන ඇති අතර මෙය ඉන්දියාවෙන් මෙරටට ගෙන එන්නට ඇත්දැයි පොලීසිය සැකකරයි.

මේ අතර එම මත්කුඩු විශේෂය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ඇරැඹීමට එය රජයේ රස පරීක්ෂක වෙත යොමු කැර තිබේ. මධ්‍යම පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න හා මාතලේ කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා දනන්සූරිය මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කැර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා