දහතුන් හැවිරිදි සිසුවකුට විදුහල්පතිගෙන් අපයෝජනයක්

දහතුන් හැවිරිදි සිසුවකුට විදුහල්පතිගෙන් අපයෝජනයක්

දහතුන් (13) හැවිරිදි සිසුවෙකුට අපයෝජනයක් සිදුකර ඇතැයි සැකපිට එම දරුවා ඉගෙනුම ලබන විදුහලක විදුහල්පතිවරයෙක් මුන්දලම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 16 දා පොලිසිය මෙසේ අත්අංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය සෙම්බැට්ටෙ ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකු ය.

එම විදුහලේ ඉගෙනුම ලබන, එම ප්‍රදේශයේම පදිංචි පවුලක දරුවකු වන මෙම ශිෂ්‍යයා, අපයෝජනයකට ලක්ව ඇති අතර, මේ බව මවුපියන්ට දැන්වීමෙන් පසු මුන්දලම පොලිසියට පැමිණිලි කර ඇත.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම ශිෂ්‍යයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර, විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර විදුහල්පතිවරයා අද පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ අතර, මුන්දලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා