ප්‍රභාගේ විශාල ඡායාරූපයක් සමඟ සිංහල ජාතිකයෙක් අත් අඩංගුවට

ප්‍රභාගේ විශාල ඡායාරූපයක් සමඟ සිංහල ජාතිකයෙක් අත් අඩංගුවට

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් පුත්තලම නගරයේ පිහිටි ඡායාරූප ශාලාවකින් සකසා ගෙන ත්‍රිරෝද රථයකින් සිය නිවෙස කරා රැගෙන යමින් සිටි තරුණයකු පුත්තලම පොලිසිය මගින් පෙරේදා (16) අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පුද්ගලයා පුත්තලම කල්අඩිය ප්‍රදේශ පදිංචි සිංහල ජාතිකයෙකි. ප්‍රභාකරන්ගේ් රුව සහිත ඉතා කුඩා ප්‍රමාණයේ ඡායාරූපයක් මෙම ඡායාරූප ශාලාවට දී එය ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන අලංකාර ලෙස සකසා තිබිණ.

මේ පුද්ගලයා එම ඡායාරූපය සඳහා රුපියල් එක්දහස් පන්සියයක මුදලක් ඡායාරූප ශාලා හිමිකරුට ලබාදී ඇති බවද පොලිසිය පවසයි. අදාළ පුද්ගලයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර පුත්තලම බුද්ධි අංශය විසින් ප්‍රශ්න කර අනතුරුව ඡායාරූප ශාලා හිමිකරු මුදා හැර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා