යතුරු පැදි බද්ද 15%කින් පහළට: අධිභාරය අයකිරීමත් අත්හිටුවයි

යතුරු පැදි බද්ද 15%කින් පහළට: අධිභාරය අයකිරීමත් අත්හිටුවයි

යතුරුපැදිවලට පනවා තිබූ බදු 15% කින් අඩු කිරීමට ද, අධි භාරය අය කිරීම අත්හිටුවීමට ද රජය තීරණය කැර තිබේ. මෙරටට යතුරු පැදි ආනයනය කිරීමේ දී මෙතෙක් අය කළ එක්සයිස් බද්ද 25% සිට 20% දක්වා අඩුකැර තිබේ.

යතුරුපැදි ආනයනයේ දී 15% ක් වශයෙන් අය කළ රේගු බද්ද 5% දක්වා ද පහත දමා ඇත. ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සිරි උඩවත්ත මහතා මේ තොරතුරු අනාවරණය කළේය. එම සංගමයේ ඉල්ලීම පරිදි රජය යතුරු පැදි වෙනුවෙන් පනවා තිබූ බදු අඩුකිරීම ගැන රජයට ස්තුති කරන බව ද මාධ්‍ය හමුවක දී ඒ මහතා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා